සමානාත්මතාව සුරකිමු – මෙවර ලෝක ඒඩ්ස් දිනයේ තේමාව

Date:

ලෝක ඒඩ්ස් දිනය අදට (01) යෙදී තිබේ.

ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා විවිධ වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ජානක වේරගොඩ මහතා සඳහන් කළේය.

හඳුනා නොගත් එච්.අයි.වී. වයිරසය ආසාදිත පුද්ගලයන් 700ක පමණ සංඛ්‍යාවක් සමාජය තුළ සිටින නිසා අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවල යෙදෙන්නන්ට මේ වයිරසය ආසාදනයේ ඉහළ අවදානමක් පවතින බව වේරගොඩ මහතා පැවසුවේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තුවලට අනුව 2021 වසර අවසන් වන විට ආසාදිතයන් 3,600ක් සොයා ගත යුතු වුවත් එම වසර අවසන් වන විට වාර්තා වී ඇත්තේ ආසාදිතයන් 2,900ක් පමණක් බවත් ඒ අනුව හඳුනානොගත් ආසාදිතයන් 700ක පිරිසක් සමාජය තුළ සිටින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ලෝක ඒඩ්ස් මර්දන දිනය අදට (01) යෙදී ඇති අතර, ඒ නිමිත්තෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (30) පැවසුවේය.

වාර්තා වන එච්.අයි.වී. ආසාදිතයන්ගෙන් සියයට 95ක් ලෙස වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වනුයේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පැවැත්වීම හේතුවෙන් යැයිද හෙතෙම පැවසීය.

පසුගිය වසරට සාපේක්ෂව මේ වර්ෂයේදී එච්.අයි.වී. ආසාදිතයන්ගේ වාර්තා වීමේ පැහැදිලි වැඩි වීමක් තිබෙන බවත් පසුගිය වසරේදී ආසාදිතයන් 411ක් වාර්තා වූ අතර, මේ වසරේ ගත වූ මාස 9යේදී පමණක් ආසාදිතයන් 429ක් වාර්තා වූ බවත් හෙතෙම කීය.

මේ වසරේ ගත වූ මාස 9 දී වාර්තා වූ ආසාදිතයන් 429න් 148ක් අවුරුදු 15ත් 30ත් අතර තරුණ පිරිස යැයි ද ආසාදිතයන් 148න් 8ක් කාන්තාවන් වන අතර, ඉතිරි 140ම පිරිමි පුද්ගලයන් යැයිද ඔහු පැවසුවේය.

ආසාදිතයන් වාර්තා වීමේදී පිරිමි පුද්ගලයන් 5 දෙනකුට එක් කාන්තාවක් ලෙස අනුපාතය පැවති අතර, එය මේ වන විට පිරිමි පුද්ගලයන් 7 දෙනකුට එක් කාන්තාවක් ලෙස ඉහළ ගොස් ඇති බවත් අවුරුදු 15ත් 30ත් තරුණ පිරිස අතර සිටින ආසාදිතයන්ගෙන් පිරිමි 20කට එක් කාන්තාවක් ලෙස වාර්තා වී ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

පිරිමි සමඟ ලිංගිකව හැසිරෙන පිරිමි පුද්ගලයන්, කාන්තා ලිංගික ශ්‍රමිකයන්, සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්, මත්ද්‍රව්‍ය එන්නත්කරණය කර ගන්නන්, වෙරළාසන්න කලාපවල සේවා සපයන පිරිමින් (බීච් බෝයිස්), බන්ධනාගාරගත කණ්ඩායම් යන කණ්ඩායම් හය මේ වයිරසය ආසාදනය වීටම අධි අවදානමක් තිබෙන කණ්ඩායම් ලෙස හඳුනාගෙන ඇති බවද ඔහු පැවසුවේය.

රෂිකා හෙන්නායක
2022.12.01

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...