නොවැම්බරයේ සංචාරක පැමිණීම 137,703 ක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කොවිඩ් 19 වසංගත තත්ත්වය යටතේ වැඩිම බලපෑමට ලක්වූ සංචාරක ව්‍යාපාරය වර්තමානය වන විට යම් වර්ධනයක් පෙන්නුම් කරන අතර, මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරක පිරිස වැඩි වීමෙන් එය සනාථ කරන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කරන්නේ, 2023 නොවැම්බර් මස මුල් දින 27 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 137,703 ක් බවයි.

2023 වසරේ මේ දක්වා ගත වූ කාල සීමාව තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,263,158 ක් ලෙස ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන මගින් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ නොවැම්බර් මාසය තුළ දී වැඩි වශයෙන් සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 27,281 ලෙසත් රුසියාවෙන් 22,382 ක් ජර්මනියෙන් 11,680 ක් එක්සත් රාජධානියෙන් 10,566 ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ තිබෙන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...

අධිකරණයන් තුළ දරුවන්ගෙන් සාක්ෂි විමසීමේදී නව ක්‍රමවේදයක්!

කොළඹ LNW: අපරාධවලට ගොදුරු වූ දරුවන් අධිකරණ පද්ධතිය තුළදී...

ග්‍රන්ථ සැකැස්මේ ක්‍රමවේදය කෘතිය එළිදැක්වේ

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය...