ආතල් එකේ හිටපු හරීන්, බෙල්ලෙ ගලක් ගැට ගසා දියේ එබූ ක්‍රීඩා ඇමතිකම

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩා අමාත්‍යංශයට නොපැමිණ,එම අමාත්‍යංශයේ වැඩ කිරීම නියෝජ්‍ය අමාත්‍යවරයාට පවරා තිබෙනවා.එයින් නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයට යන විශාල මුදලක් ඉතිරි කර ගන්නට හැකි වන බවත් තමන් විදේශ තටයුතු අමාත්‍යංශයේම සිට ක්‍රිඩා අමාත්‍ය ධූරයේ ද කටයුතු සිඳු කරන බවත් නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.


උථ්තේජන මර්ධන නියෝජිතායාකනෙයට දස වසරක් පිරිම නිමිත්තෙන් ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ පැවති උත්සවයට එක්වෙමින් මෙසේ අදහස් දැක් වූ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පැවසුවේ සංචාරක සහ ඉඩම් අමාත්‍යවරයා ලෙස ආතල් එකේ සිටි තමාව බෙල්ලෙ ගලක් බැඳ වතුරට දැමමා වැනි හැඟීමක් ක්‍රීඩා අමාත්‍ය ධූරය සමඟ දැනෙන බවයි.එසේම ඔහු පැවසුවේ ලංකාවේ ක්‍රීඩාව යනු ක්‍රිකට් නොවන බවයි.එහෙත් තමාටද මේ තනතුර ලැබෙන්නට ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින පැටලිල්ල හේතු වි තිබෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


එසේම දරුවන් ක්‍රීඩා කරනු දැකීම ඉතිහාසයේ සුලබ වුවත්,මේ වන විට ඒ ක්‍රීඩා කරන ස්ථානවල දරුවන් වෙනුවට වැඩිපුර දකින්නට ඉන්නේ වැඩිහිටියන් බව ද අමාත්‍යවරයා පැහැදිළි කළේය.ඒ සියල්ල සඳහා අවශ්‍යය සැළසුම් ලබා දෙන ලෙස නිලධාරීන්ට ආරාධනය කළ අමාත්‍යවරයා පවතින ක්‍රීඩා සංගම් සම්මේලන ක්‍රිඩාවේ දියුණුවට විශාල බාධාවක් බව ද පැවසුවේය.එම ප්‍රශ්න විසදිමට කාලය යෙදෙව්වොත් වෙන කිසිවක් කිරීමට කාලය ඉතුරු නොවන බව ද පැවසීය.


එසේම නියෝජ්‍ය ඇමති කාර්යාලය අත හැරීමට හැකියාව ලැබෙන නිසා රුපියල් ලක්ෂ 50 ට ආසන්න මුදලක් වසරකට ඉතුරු කර ගැනීමට හැකි බවත්,එය ද ක්‍රීඩා අරමුදලට යෙදවිය හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ ක්‍රීඩාවේ ප්‍රශ්න විසදීම සඳහා නිරන්තරයෙන් අමාත්‍යංශයේ සිටින සේ දුක්ගන්නාරාළ කෙනෙකුගේ සේවය ලබා ගැනීමට අවශ්‍යය බවය.
ක්‍රීඩා පනත වෙනස් වීමත්,ක්‍රිකට් ගැටළු ආදි කරුණු ගැනත් අමාත්‍යවරයා දිර්ඝ වශයෙන් කරන ලද කරුණු දැක්වීම් පිළිබඳව විමසා බලන්නට පහතින් ඔහුගේ සම්පූර්ණ කතාවට සවන් දීමට හැකියාව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...