අප්‍රිකාවට ලාංකේය සුවඳ දැන වූ පිහාටු මල් ජෝඩුව

Date:

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 02,(LNW) කොළඹ :

අප්‍රිකානු මහද්වීපය පුරා හමා ගිය ලාංකේය පිහාටු මල් සුවඳ නිසා ගෙවුණු සති කිහිපය අප්‍රිකාවේ බැඩිමින්ටන් ලෝලීන්ට ශ්‍රී ලංකාව වැනි රටක් ගැන සොයා බලන්නට හේතු පෑදීය.බොහෝ අය සිතා සිටියත්,ශ්‍රී ලංකාව යනු ලෝකයේ සෑම අස්සක මුල්ලකම දන්නා රටක් ලෙස අපට ආසන්න රටවල සමහර අය ද,ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක්ද අසන බව විදේශයන් හී සංචාරය කරන අය දන්නා බව නොරහසකි.


මේ තත්ත්වය මත ක්‍රීඩාවෙන් අවධානය දිනා ගන්නා ක්‍රීඩකයින් සහ ක්‍රීඩිකාවන් හරහා ශ්‍රී ලංකාව යනු කුමනාකාරයේ රටක්දැයි හඳුනාගන්න පිරිස් බොහෝය.ඒ හඳුනා ගැනීමට සාමාන්‍ය ක්‍රීඩකයෙක් වීමට වඩා ජයග්‍රාහී ක්‍රීඩකයෙක් වීම අතිශයින් වැදගත් වනු ඇත.ගෙවුණු සති තුනක කාලය පුරා සැම්බියාවේ සිට බොට්ස්වානා හරහා දකුණු අප්‍රිකාව තෙක් ශ්‍රී ලංකාව ගැන අප්‍රිකානු අවධානය අවදි කළ, වැඩි කළ හසිනි සහ හසාරා එහි අන්තිම ප්‍රතිපලය ලෙස දකුණු අප්‍රිකානු බැඩ්මින්ටන් ජාත්‍යන්තර තරගාවලියේ කාන්තා යුගල අනු සූරතාවය දිනා ගනිමින්,එම ජයග්‍රාහී ගමන හමාර කළේය.

සූරතාවය දිනූ ඇමී සහ ලෝරන්ස්


බොට්ස්වානා සූරතාවයේදී හසිනි සහ හසාරා අතින් පරාජය ලද, එම පරාජයෙන් ඉනික්බිති 72 වන තැන සිට 74 දක්වා පහළ බැස්ස අප්‍රිකානු කාන්තා යුගලය ඇමි ඇකර්මන් සහ ඩේඩ්රේ ලෝරන්ස් සිය මව් රටේදී නැවත සූරතාවය තීරණය කරන මොහොතේදී හසිිනි සහ හසාරා ඉදිරියේ පෙනී සිටියේය.හුරුපුරුදු දැක පුරුදු ක්‍රීඩා පිටියක් වටා පිරුණු ජන කැළක දිරියත් විරියත් විශ්වාසයට එකතු කර ගනිමින්,උගන්ඩාවේදී අහිමි වූ ජය සිය මව් රටේදී අත් පත් කර ගන්නට මෙවර ඇමීට සහ ලෝරන්ස්ට හැකි වන්නේය.


විනාඩි 41 ක් පුරා ඇඳුණු සටනෙන් ලකුණු 21-14 සහ 21-14 ක් ලෙස ඇමී සහ ලෝරන්ස් ජය ගනිද්දි සති තුනක් ඇතුළත හසිනි සහ හසාරා අප්‍රිකානු මහද්වීපය තුළ තමන් සහභාගි වූ තරගාවලි තුනේදී සූරතාවයක් සහ අනු සූරතා දෙකක් හිමි කර ගන්නට සමත් වී තිබිණි.විශෙෂයෙන් ශ්‍රී ලංකාව වැනි රටකට ක්‍රීඩාව වෙනුවෙන් වැය කරන්නට වන මූළ්‍යමය හැකියාව සීමිතය.


ඒ තත්ත්වයන්ට යටත්ව මෙවැනි තරගාවලි තුළ නුහුරු – නුපුරුදු පරිසරයන් මෙන්ම තරගාකාරීත්වය ඇතුළේ තීරණ ගනිමින් තනිව යැපෙන්නට වීම කණගාටුදායකය.එහෙත් තමන්ට හැකි උපරිමයෙන් සභාපති රොහාන් ද සිල්වා ධන පරිත්‍යාග කරමින් පෞද්ගලික මැදිහත්වීම් කරන අවස්ථා මෙන්ම ලෝකයට යා හැකි පිරිස වෙනුවෙන් අවශ්‍යය මාර්ගය පහසු කරන පරිපාලන මැදිහත්වීම් ද සමඟ ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාව මේ වන විට ලෝකයට තිබුණාට වඩා විවෘතව පැතිර ඇති බව ඇත්තකි.හසිනි සහ හසාරා හරහා අප කියවා ගත්තේ ද ඒ අවස්ථාවේ පලයන්ය.


හසිනි සහ හසාරා ක්‍රීඩා කළ තරගයට මෙහි ඇති යුටියුබ් සම්බන්ධයේ 2:40:00 දිට පමණ පිවිසීමට හැකිය. https://www.youtube.com/watch?v=0Oi5i6cdiY4

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අභියාචනාධිකරණයේ සභාපති ධුරයට අතිරේක සොලිසිටර් ජනරාල්, රොහන්ත අබේසූරියගේ නම යෝජනා වේ!

අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ රොහන්ත...

ඇන්ජලෝට දෙපිළේම ගෞරවය

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: දීර්ඝ ටෙස්ට් ක්‍රිකට් තරග...

‘සයුර’ධීවරදෑත් සුරකිනු ඇත!

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : කෘෂිකාර්මික හා ගොවිජන...

කාර්තුවක් ලංකාවට කාර්තු දෙකක් බංගලාදේශයට

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...