පීතර යුගලය ශ්‍රී ලංකා 17 න් පහළ කණ්ඩායම ඉහළට ඔසවති

Date:

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 02,(LNW) කොළඹ :

ශ්‍රී ලංකාවේ සංචාරය කරන අවුරුදු 17 න් පහළ බංගලාදේශ කණ්ඩායමට එරෙහිව පැවත්වෙන පළමු තුන් දින තරගයේ පළමු දිනය නිමාවේදී, පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 245 ක් ලබා ගන්නට සමත් වී සිටිනවා.මෙම ඉණිම වෙනුවෙන් ඉහළම දායකත්වය ලබා දුන් කොළම ශාන්ත පීතර විද්‍යාලයේ ජේසන් ප්‍රනාන්දුට හිමි විය යුතුවම තිබුණු ශතකය ලකුණු දෙකකින් අහිමි වුණා.


කඩුලු 4 ක් ලකුණු 90 ට දැවි ගොස් තිබෙන මොහොතේ පරිණත ක්‍රීඩා විලාසයක් පෙන්වමින් ජේසන් සමඟ එක් වූ ශාන්ත පීතරයේම ජොසුවා සෙබස්තියන් (53) පස්වන කඩුල්ලට ලකුණු 102 ක සබඳතාවයක් පවත්වන්නට සමත් වෙනවා.බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී මහීම් ඉස්මාම් චෞද්‍රි සහ අස්වාමුල් හක් මහීම් පිළිවෙලින් ලකුණු 51 ට සහ 25 ට කඩුලු 2 බැඟින් දවා ගෙන සිටියා.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...