කංචන ඔයා තාමත් තෙල්වලින් කොමිස් ගහනවද?

Date:

කොළඹ LNW:ඉන්ධන මිල ඇගට දැනෙන ලෙස අඩුකරගැනීමට තවමත් බැරි කංචන විජේසේකර හිටපු ඇමතිවරයා තවදුරටත් ඉන්ධනවලින් කොමිස් ගසන නිසාදැයි යන්න අද (02) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විමසුවේය.

තවදුරටත් ආණ්ඩුව ගෙන යන්නේ කංචන විජේසේකරගේ මිල සූත්‍රය නම් ආණ්ඩුවත් ජනතාවටත් දෙයියන්ගේම පිහිට බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඒ අනුව වත්මන් ආණ්ඩුවත් යන්නේ රනිල් වික්‍රමසිංහගේ වැල් පාලමේ වන අතර ඇඳගෙන ඉන්නේද රනිල් වික්‍රමසිංහගේ කඩා හැලෙන කලිසම බව මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

”මේගොල්ලෝ කාංචනගේ සුත්‍රයමයි දුවන්නේ. රනිල්ගේ වල්පාලමේම තමයි යන්නේ. රනිල්ගේ කඩා වැටෙන කලිසමම තමයි ඇඳගෙන ඉන්නේ. ඒක වෙනස්කරගන්නවත් සවිඥානික දැනුමක් නැත්නම්. රුපියල් දෙක අඩුකරන්නේ නැත්නම් ඒ සහනය දෙන්න තිබුණනේ භූමි තෙල්වලට.රුපියල් දෙක මිනිස්සුන්ට දැනුනද? එක්කෝ පෙට්‍රල් දැනෙන ගාණකින් අඩුකරන්න ඕනේ. නැත්නම් ඒ රුපියල් දෙක අඩුකරන්නේ නැතුව ඒ මුදල කළමනාකරණය කරන්න තිබුණා රුපියල් විස්සකින් භූමිතෙල් අඩුකරලා. කාංචන විජේසේකරගේ මිල සූත්‍රයෙන් නම් මේ ආණ්ඩුව දුවන්නේ ආණ්ඩුවටත් දෙයියන්ගේ පිහිටයි. ජනතාවටත් දෙයියන්ගේ පිහිටයි. දැන් ඒගොල්ලෝ කිව්වනේ කංචන හොරකම් කරනවා කියල, කොමිස් ගහනවා කියල. අනේ කරුණාකරලා කංචන ඔයාගේ ඔය කොමිස් ගැහිල්ල නවත්වන්නකෝ. තාමත් ඔයා කොමිස් ගහනවද? ඒ නිසාද මේ තාම ඩීසල් පෙට්‍රල් 50කින් 60කින් අඩුකරගන්න බැරි. කරුණාකර කාංචන දැන් ඔයාගේ ඔය කොමිස් ගැහිල්ල නතරකරන්න. ඒකවත් නතර කරගන්න බැරිද මේ ආණ්ඩුවට.” යනුවෙන් නලින් බණ්ඩාර මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...