හිඟයකින් තොරව සාධාරණ මිලට අඛණ්ඩව ලබාදෙන්න – ජනපති සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට කියයි

Date:

කොළඹ LNW:සහල් හිඟයකින් තොරව සාධාරණ මිලට, අඛණ්ඩව ජනතාවට ලබා දීමේ අවශ්‍යතාව අද (02) ජනපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ඒ,ජනාධිපතිවරයා හා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් අතර පැවති සාකච්ජාවේදීය.

ඉදිරි මාසවලදී සහල් හිඟයකින් තොරව,සාධාරණ මිලට හා අඛණ්ඩව පාරිභෝගික ජනතාවට ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා එහිදී සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් වෙත පෙන්වා දී තිබේ.

අතර ඒ සඳහා ගත යුතු කඩිනම් පියවර පිළිබඳවද ඔවුන් සමඟ සාකච්ඡා කර ඇත.

සහල් හිඟයකින් තොරව ජනතාව වෙත ලබා දීම වෙනුවෙන් රට තුළ ගබඩා පහසුකම් වැඩි කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳවද සාකච්ඡා කර තිබෙන අතර නාඩු සහල්, අගය එකතු කළ නිෂ්පාදන සඳහා යොදා ගැනීම නිසා පරිභෝජනය සඳහා අවශ්‍ය තොග අඩු වීම පිළිබඳවද අවධානය යොමු කර තිබේ.

පොහොර සහනාධාරය ඵලදායී ලෙස ජාතික නිෂ්පාදනය සඳහා එකතු කිරීම අරමුණු කර ගනිමින් QR කේත ක්‍රමයක් හඳුන්වා දීමටද එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක අවධානය යොමු කර ඇත.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, ලක් සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා ඇතුළු නිලධාරීන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...