ලෝකෙත් එක්ක කැරම් ගහන්න ශ්‍රී ලංකාව මාලේ වෙත

නිශ්මං රණසිංහ දෙසැම්බර් 02, කොළඹ LNW:


ලෝක කැරම් සූරතාවය හත්වන වරට පැවත්වෙන්නේ මාල දිවයිනේදී ය.එය අද (දෙසැම්බර් 02) ආරම්භවීමට නියමිතය.නිමාවට පත්වන්නේ දෙසැම්බර් 06 වන දා ය.මාලේ නගරයේ පැවත්වෙන මෙම තරගාවලිය නියෝජනයට ශ්‍රී ලංකාවෙන්ද කාන්තා සහ පිරිමි කණ්ඩායම් දෙකක් එක්ව සිටියි.


ඉකුත්වර අනු සූරතාවය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමට සිටින ප්‍රබලතම ප්‍රතිවාදියා වන්නේ ඉන්දියාවය.මේ සමඟ ඇත්තේ ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් දිවයිනෙන් පිටත්ව යාමට පෙර ගත් ඡායාරූප කිහිපයකි.