මේස පන්දු ලෝක සූරතාවලියට සිංහයා නැතත් සිංහ කෙල්ලෙක්

Date:

නිශ්මං රණසිංහ දෙසැම්බර් 02, කොළඹ LNW:

චීනයේ වෙන්ග්ඩු හී මේ නොවැම්බර් 30 වන දා ඇරඹී දෙසැම්බර් 7 වන දා අවසන් වන ජාත්‍යන්තර මේස පන්දු සම්මේලනයේ මිශ්‍ර ලෝක සූරතාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා නැතත් එහි මේස පන්දුව සමඟ ඔට්ටු වෙන නම් අතර ලාංකේය නමක්ද දකින්නට ලැබෙනවා.ධජය නැතත් ලාංකේය නියෝජනයක් වන ඇය ඇමෙරිකානු එක්සත් ජනපද මේස පන්දු මිශ්‍ර කණ්ඩායම නියෝජනය කරමින් පැමිණ සිටින ටාෂියා පියදාසයි.


ශ්‍රී ලංකාවේ හිටපු මේස පන්දු ජාතික සූරයෙකු වන තිළිණ පියදාස ගේ මෙන්ම ජාතික මට්ටමේ ක්‍රීඩිකාවකව සිටි රිෆ්කා කාමිල් ගේ දියණිය වන ටාෂියා වර්ථමානයේ ඇමෙරිකානු මේස පන්දුවේ මතු බලාපොරොත්තු සහිත ක්‍රීඩිකාවක ලෙස ඉදිරියෙන්ම කැපී පෙනෙනවා.
ටාෂියා සමඟ මෙම තරගාවලියට ඇමෙරිකාව නියෝජනය කරන කණ්ඩායම පහතින් දැක්වෙනවා.සැලී මොයිලන්ඩ්,ජෙසිකා රේස් ලයි,සිඩ් නරේෂ්,ජිෂාන් ලියාං,ෂියාංජින් ෂැන්ග්,මැන්ඩි යූ සහ වෙඩ් ෂේත් සහභාගි වෙනවා.මෙහි වම්පස පේළියේ පසුපසින්ම සිටින්නේ ටාෂියා යි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සත්‍යාගේ ශක්තියෙන් වටිනාම ක්‍රීඩිකාව වෙයි.

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන...

අනුරපුරයට පළමුවෙන් නාවික හමුදාවේ සිල්වා – කහ ජර්සිය යුද හමුදාවේ සුරංගට

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: ක්‍රීඩා හා යෞවන කටයුතු...

ජයග්‍රහණයේ ආරම්භයට වාර්තා දෙකක්

    නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: අවුරුදු 19 න් පහළ...

පොලිසියෙන් යුද හමුදාවටත් – සීආර් වෙතින් ගුවන් හමුදාවටත් ප්‍රහාර එල්ල වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: මැලිබන් ජාතික රගර් ලීග්...