*
Friday, April 26, 2024
spot_img

Latest Posts

ලංකාව ගැනත් මතක් කරමින් IMF චීනයට සිහිකැඳවයි…

අඩුආදායම්ලාභී රටවල ණය අර්බුදය විසඳාගැනීම සඳහා ලොව වැඩිම ණයහිමියා වන චීනය වගකීමකින් යුතුව ක්‍රියාමාර්ග ගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

එහි ප්‍රධානී ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා පැවසුවේ,

“ලොව විශාලතම ද්විපාර්ශ්වික ණයහිමියා වන චීනය ණයගැති රටවලට අර්බුදකාරී තත්ත්වයන්ගෙන් මිදීමට තම සහාය වේගවත් කළ හැකි ආකාරය පිළිබඳව වගකීමකින් කටයුතු කරනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. ලබන සතියේ චීන රජයේ නියෝජිතයන් හමුවූවිට මේ සම්බන්ධයෙන් සාකච්ඡා කොට වඩාත් යෝග්‍ය විසඳුමක් සඳහා පොදු යාන්ත්‍රණයකට එකඟවන්න අපි බලාපොරොත්තු වෙනවා. නැගීඑන වෙළෙඳපොළෙන් 25%ක් සහ අඩු ආදායම්ලාභී රටවලිනි 60%ක් ණය අර්බුදයට ලක්වී තිබෙනවා. මේ තත්ත්වය විසඳීම සඳහා ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා රැසක් ඉදිරිපත් කළා. කාල විරාමයක් සහිතව පොදු එකඟතාවයකට පැමිණීමත් ඉන් එක් යෝජනාවක්. ශ්‍රී ලංකාව වැනි රටවලට සහාය වන ලෙස එවැනි පොදු යාන්ත්‍රණයක් පුළුල් කරමින් අපි කඩිනමින් ක්‍රියාත්මක විය යුතුයි,”

යනුවෙනි.

මේ අතර ලෝක බැංකු සභාපති ඩේවිඩ් මල්පාස් පවසන්නේ ලොව දුප්පත් රටවල් ද්වීපාර්ශ්වික ණයහිමියන් ට ඩොලර් බිලියන 62ක් ණය බවය.

එය පසුගිය වර්ෂයට සාපේක්ෂව 35%ක වර්ධනයකි.

ලෝක බැංකු ප්‍රධානියා පැවසුවේ එම ණයෙන් 3/2ක් පමණ චීනය ට හිමි බවය.

මේ අතර අමෙරිකාවේ සංචාරයක නිරත විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිතායතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය අතර හමුවක් වොෂින්ටන්හිදී පවත්වා තිබේ.

මෙහිදී ශ්‍රී ලංකාවට තවදුරටත් එම ආයතනයේ සහාය ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බව වාර්තා වෙයි.

රෂිකා හෙන්නායක
2022.12.02

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan