පළාත් පාලන ඡන්දය 2025 ට කල්දාන්න ජනපතිට බලයක් නෑ – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කරමින් වත්මන් රජය පළාත් පාලන ඡන්ද විමසීම කල් දමා ඇති බවත් එය 2025 වසර දක්වා කල් දමන බව ජනාධිපතිවරයා පසුගිය දා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට එවැනි බලතලයක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (1) පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

සීමා නිර්ණය කමිටු පත් කිරීම, මුදල් නොමැති බව පැවසීම, මැතිවරණය නොපවත්වන ලෙස අධිකරණය හමුවට යාම, මැ.කො. ස නිලධාරීන්ව ජනාධිපතිවරයා කැඳවීම, රාජ්‍ය පරිපාලන ලේකම් හරහා ඇපකර බාර ගැනීම නතර කිරීම, කැබිනට් තීන්දු ගැනීම, මැතිවරණ වියදම් නියාමනය සම්බන්ධ පාර්ලිමේන්තුවට කෙටුම්පත් ඉදිරිපත් කිරිම, මැතිවරණ පැවැතියහොත් රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට නොහැකි බව පැවසීම, කොමිසමේ නියෝජිතයන්ට ඉවත් වීම සහ ඉල්ලා අස්වන ලෙස බල කිරීම වැනි විවිධ උපක්‍රම අනුගමනය කරමින් මැතිවරණය කල් දැමීමට උත්සාහ කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම මැතිවරණයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයන් වැටුප් සම්බන්ධ බරපතල ගැටලුවලට මුහුණ දෙන බවත් අදටත් ඔවුන්ට විසදුම් නොමැති බවත් එසේම ඔවුන්ට රාජකාරී සිදු කරන ආයතන වෙත යාමට පවා ඉඩ නොදී ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අනාවරණය කළේය.

තවද බාල පොහොර ගෙන්වීමට, ගජමිතුරන්ට කෝටි ගණන් බදු සහන ලබා දීමට රජයට මුදල් ඇත්නම් මැතිවරණය තියන්න මුදල් නොමැත්තේ ඇයි ද කියා ප්‍රශ්න කර සිටින බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ පළාත් පාලන ආයතන ස්ථාපිත වී නොමැති මොහොතක රාජ්‍ය පාර්ශ්වයට සම්බන්ධ පළාත් පාලන මන්ත්‍රීවරුන් ඒ ඒ පලාත් පාලන ආයතනවලට වෙන් ව ඇති මුදල් පරිහරණය කරන්න ක්‍රමවේද සකස් කර ඇති බවත් මෙවැනි කූඨ උපක්‍රම වැළැක්විය යුතු බවත් පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඩුලු වර්ෂාවට හසු නොවුණ කුසල්ගේ ඉණිමෙන් ලංකාවට ඉණිමක ජයක් බලාපොරොතුවක්

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්!

කොළඹ LNW:දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo...

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...