විරෝධතාකරුවෙකු ජෝර්ජියා ඊශ්‍රායල කොන්සල් කාර්යාලය ඉදිරිපිටදී ගිනි තබා ගනී!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේදී විරෝධතාකරුවෙකු , ඊශ්‍රායල කොන්සල් කාර්යාලය ඉදිරිපිටදී ගිනි තබා ගැනීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයක පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විරෝධතාකරු පෙට්‍රල් භාවිතා කර ගිනි තබාගෙන ඇති අතර ආරක්ෂක අංශ එම ක්‍රියාව අන්ත දේශපාලන විරෝධී ක්‍රියාවක් ලෙසයි හඳුන්වා ඇත.

එහිදී විරෝධතාකරු බේරා ගැනීමට උත්සාහ කළ ආරක්ෂක නිලධාරියෙකුද තුවාල ලබා ඇති බවද වාර්තා වේ.

අග්නිදිග එක්සත් ජනපදයේ ඊශ්‍රායලයේ කොන්සල් ජනරාල් Anat Sultan-Dadon ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම් ගොඩනැගිල්ලට ඇතුල් වන ස්ථානයේ සිදුවූ එම ගිනි තබා ගැනීම ගැන කණගාටුවට පත්වන බවත්, ඊශ්‍රායලය කෙරෙහි ඇති වෛරය මෙතරම් බිහිසුණු ආකාරයෙන් ප්‍රකාශ කිරීම ඉතා ඛේදජනක බවයි.

ලොව පුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කළු ජනවාරියේ සළු පාලිය ….

මාළිමා ආණ්ඩුව සුරැකීමේ ව්‍යාපාරයේ "ජන බලය සාමූහිකය" විසින් 2026...

නුවරඑළියට මල් තුහින – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 17) දිනයේදී දිවයිනේ බොහෝ...

ජින්තුපිටියේ වෙඩි තැබීමක්. එක් අයෙකු මරුට. කුඩා දරුවන් දෙදෙනෙකුටත් තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ, වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේදී...

සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා...