ජනාධිපති රනිල් ගැන වුණත් විශ්වාසයක් තියන්න අමාරුයි – කලකට පසු රන්ජන් කරළියට!

Date:

කොළඹ LNW:තමන් වෙත භාග නිදහසක් හෝ ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත් වුවද ඔහු රටේ දූෂණය නැති කරනු ඇති බවට විශ්වාසය තැබිය නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි.

ක්‍රිකට් ප්‍රශ්නයේදී වුවත් ජනාධිපතිවරයා ගනු ලැබුවේ ජනතාවගේ පැත්ත නොවන බවයි රාමනායක මහතා කියාසිටින්නේ.

එසේ සිදුවූයේ ජනාධිපතිවරයා පත්වූයේ දූෂිත කණ්ඩායමක් මතින් වීම නිසා බවයි ඔහු පවසන්නේ.

ක්‍රිකට් ගැන මුලින්ම කතා කළේ තමන් විසින් බවත් මේ මොහොතේ ක්‍රීඩා ඇමතිවරයාව කටයුතු කළ රොෂාන් රණසිංහ මහතා ඉවත් කර සිදුකළේ පණිවිඩකරුවාට වෙඩි තැබීම බවද රාමනායක මහතා කියා සිටියි.

රටට දැක්මක් සහිත නායකයෙක් පත්නොවුණු බවත් එන තරමක් නායකයින් ලෙස පැමිණියේ හොරු බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

රන්ජන් රාමනායක මහතා මෙම අදහස් පළකළේ ඊයේ (01) පැමිණිල්ලක් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

සිය නමින් ව්‍යාජ ෆේස් බුක් ගිණුම් පවත්වාගෙන යමින් මුදල් වංචා කර තිබීම සම්බන්ධයෙනුයි රාමනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබුණේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිරි වසර 05ක කාලය තුළදී මෙරට නිවාස අවශ්‍යතාව සපුරාලීමට සැලසුම්!

කොළඹ LNW:මෙරට නිවාස අවශ්‍යතාව ඉදිරි වසර 05ක කාලය තුළදී...

රටේ ක්‍රිකට් ගැන සැබෑ කියවීමක් වෙමින් කාන්තා ක්‍රිකට් සූරතාව නාවික හමුදාව දිනා ගනියි

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: පළමු පෙළ කාන්තා සීමීත පන්දුවාර...

ලක්ෂ්මන් යාපාගේ අල්ලස් නඩුවටත් නියෝගයක් ලැබෙයි!

කොළඹ LNW:හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ...