රාජ්‍ය ආයතන වල භාවිත වන අධි සුඛෝපභෝගී වාහන පිරිවැය ගැන රජයේ තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ (LNW):

මේ වන විට රාජ්‍ය ආයතන වල පරිහරණය වන ඇතැම් අධි සුඛෝපභෝගී වාහන වල නඩත්තු හා ඉන්ධන සඳහා වැය වන අධික පිරිවැය සැලකිල්ලට ගෙන, එවැනි වාහන අපහරණය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව සඳහන් වේ.

සියලුම රාජ්‍ය ආයතන වල පවතින වාහන පිළිබඳව විධිමත් අධ්‍යයනයක් සිදු කර, රේගු සංකේතාංක 87.03 යටතට ගැනෙන පෙට්‍රල් එන්ජින් ධාරිතාව 1800ccට වැඩි වාහන සහ ඩීසල් එන්ජින් ධාරිතාව 2300ccට වැඩි වාහන (ඩබල් කැබ් / සිංගල් කැබ්/ වැන් රථ / බස් රථ හැර) නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් 2025-03-01 දිනට පෙර අදාළ ප්‍රධාන ගණන්දීමේ නිලධාරින් විසින් අපහරණය කිරීමටයි අනුමැතිය ලබා දී ඇති බව පැවසේ.

තවද, ඒ අනුව කටයුතු කර මහා භාණ්ඩාගාරයේ කොම්ප්ට්‍රෝලර් ජනරාල් වෙත වාර්තා කිරීම සඳහා අදාළ වක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම පිණිස භාණ්ඩාගාරයේ ලේකම් වෙත බලය පැවරීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙසේ අනුමත කර තිබෙන බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇඩොල්ෆ් විසිනි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී...

ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...