සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් මස 03: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : පාකිස්ථානයේ රාවල්පින්ඩි බන්ධනාගාරයේ සිරගත කර සිටින පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සෞඛ්‍ය සම්පන්නව සිටින නමුත් බන්ධනාගාරයේ අතිශය හුදකලා කර ඇති බව ඔහුගේ සහෝදරිය වන උස්මා ඛානුම් මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.
සති කිහිපයකින් පසුව ඔහුව බැලීමට අවසර ලැබුණු පළමු පවුලේ සාමාජිකාව බවට පත්වූ ඇය වෘත්තීයෙන් වෛද්‍යවරියක් වන අතර මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, ඉම්රාන් ඛාන් කිසිවෙකු සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, මානසික වධහිංසා ශාරීරික හිංසනයට වඩා බරපතල වන බවයි.
ඉම්රාන් ඛාන්ගේ පාකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂයේ ආධාරකරුවන් ඊයේ(02) අලුයම සිට අඩියාලා බන්ධනාගාරයෙන් පිටත රැස්ව සිය පක්ෂ නායකයා මෙලෙස හුදකලා කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය ප්‍රකාශ කර තිබු අතර පසුගිය කාලයේ ඔහු ඝාතනයට ලක්කර ඇති බවට රාවයක් පැතිර තිබිණි.
ඉම්රාන් ඛාන්ගේ පවුලේ සමීපතමයන් හා නීති කණ්ඩායම රජයෙන් ඉල්ලා තිබුණේ, ඔහුව නිතර නිතර බැලීමට ඉඩ දෙන ලෙසත්, වසරකට වැඩි කාලයක් තිස්සේ කිසිදු පරික්ෂාවකට ලක් නොවීම හේතුවෙන් ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයාට ඔහුව පරීක්ෂා කිරීමට අවසර දෙන ලෙසත්ය.
ස්වාධීන අයිතිවාසිකම් නිරීක්ෂකයෙකු වන පාකිස්තාන මානව හිමිකම් කොමිසම පවසා ඇත්තේ ඛාන්ගේ රැඳවුම් තත්වයන් පිළිබඳ වාර්තා පිළිබඳව තමන් බරපතල ලෙස කනස්සල්ලට පත්ව සිටින බවයි.
73 හැවිරිදි ඉම්රාන් ඛාන් වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ අතර ඔහු 2018 සිට 2022 අප්‍රේල් දක්වා පාකිස්තාන අගමැති ලෙස සේවය කළ අතර එහිදී ඔහු විශ්වාසභංගයකින් නෙරපා හරින ලදී.
ඔහු 2023 අගෝස්තු මාසයේ සිට බන්ධනාගාරගතව සිටින අතර දූෂණ සහ රාජ්‍ය රහස් හෙළිදරව් කිරීම ඇතුළු චෝදනා කිහිපයකට වරදකරු වූ අතර ඛාන් කිසිදු වරදක් ප්‍රතික්ෂේප කරමින්, ඔහුට එරෙහි නඩු දේශපාලනික වශයෙන් අභිප්‍රේරිත බව පවසයි.
ඛාන් තවමත් බොහෝ පාකිස්තානුවන් අතර ජනප්‍රියව සිටින අතර ඔහුගේ පක්ෂය 2024 මැතිවරණයේදී වැඩිම ඡන්ද සංඛ්‍යාවක් දිනා ගත් අතර, එහි ආසන්නතම ප්‍රතිවාදියාට වඩා ඡන්ද මිලියන 4.5 ක් ඉදිරියෙන් සිටියේය. කෙසේ වෙතත්, ප්‍රතිවාදී පක්ෂ PTI කැටි කරමින් සභාග රජයක් පිහිටුවා ගනු ලැබිය.

