ශ්‍රී ලාංකිකයන් සංචාරක වීසා මඟින් මැලේසියාවට යොමුකිරීමේ තවත් ජාවාරමක් ගැන තතු එළියට!

Date:

මැලේසියාවේ සංචාරය සඳහා යාමට පැමිණි 14 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලාංකිකයන් පිරිසක් මීට දින දෙකකට ඉහත (01) කටුනායක ගුවන් තොටුපොල පරිශ්‍රයේ පරීක්ෂා කිරීමේදී ඉන් නව දෙනෙකු සංචාරක වීසා මඟින් මැලේසියාවේ රැකියා සඳහා යාමට උත්සාහ කර ඇති බවට තොරතුරු හෙළිවී තිබේ.

මෙම පිරිස අතර, පිරිමි පුද්ගලයන් 0 5 දෙනෙකු සහ කාන්තාවන් 04 දෙනෙකු සිට ඇති අතර, Air Asia ගුවන්යානයක් මඟින් මෙම පිරිස මැලේසියාවට රැගෙන යාමට ජාවාරම්කරුවන් උත්සහ කර තිබූ බව වාර්තා වේ.

ගුවන් තොටුපොලේදී, ඔවුන් සංචාරක වීසා මඟින් විදේශ ගතවීම පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපොල ඒකකයේ නිළධාරීන් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙම වංචාව පිළිබඳව කරුණු අනාවරණය වී තිබේ.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම පිරිස විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශය වෙත යොමුකර ඇති අතර, මෙම ජාවාරම මෙහෙය වූ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන අංශය විසින් ඉදිරි විමර්ශන මෙහෙයවනු ලබන බව එම කාර්යාංශය පවසයි.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපතිතුමාගේ හිත සනසන්නද පොලිස්පතිවරයා ඉන්නෙ? නාමල් ප්‍රශ්න කරයි.

රෂිකා හෙන්නායක ජනවාරි 25, කොළඹ LNW : රටේ සංස්කෘතිය ආගමට...

Minneapolis හි තවත් ඇමරිකානු පුරවැසියෙකු වෙඩි තබා ඝාතනය කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ මිනියාපොලිස් නගරයේදී ෆෙඩරල් ඒජන්තවරුන් විසින්...

බූමරංග කුලරත්න ….

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ට තියෙන චෝදනා දැක්කම හිනා යනවා. පත්වීම ගන්න...