*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

ජාතික රගර් සූරතාවයට නිපොන් පැහැ වර්ණ ගැන්වීම උත්සවශ්‍රීයෙන්

එළැඹෙන්නේ ශ්‍රී ලංකා රගර් ක්‍රීඩාවට අතිශයින් තීරණාත්මක සමයක්ය.ගෙවුණු වසර කිහිපය තුළ වත්මන් රගර් පරිපාලනයට වැඩ කරන්න වුණේ පයේ මහා ගිරිකුළු බැඳගෙනය.පය උස්සා පය ගන්නට බැරි වෙන්නට බැඳ තබන්නට ගත් උත්සාහයන් අතරේ නමුත් ඔව්හූ ඉදිරියට පිය මැන්නහ.දේශාපාලන වශයෙන් රගර් පරිපාලනයට වැඩිය දේශපාලකයාට හිතවත් රගර් කේවට්ටයන් පිනවීම දකික්නට ලැබිණ.ඒ අනුව නිලවරණයකින් බලයට ඒමේ දුෂ්කරතාවය අතුරු කමිටුවකින් සංසිඳවාගන්න දරන උත්සාහයන් නිසා පරිපාලනයට වැටුණු අවහිරකම් අධිකරණයෙන් ඉවත් කරගෙන වැඩ කරන්නට සිඳු විය.තවමත් අධිකරණයේ තිබෙන එම කාරණය විසඳීමට අමාත්‍යංශය හරහා අධිකරණය දැනුවත් කර වත්මන් පරිපාලනයට වැඩ කරගෙන යන්නට ඉඩ සැළසීම යුතුකම වුව ද,වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා පත් කරන ලද ජාතික ක්‍රීඩා සභාවේ සිටම රගර්වලට පෙත්සම් ගසන්නෝ ය.ඒ නිසාම ඒ පෙත්සම්කරුවන් සමඟ පරිපාලනයට ගල් පෙරළීමේ තෘප්තියෙන් යුතුව එකඟ වී සිටින පිරිස් ආසියානු වැට බැදීම ලිහෙන්නට නොදී වරපට තද කරන්නට සැළසුම් අඳින්නේය.ඒ අධිකරණයට ක්‍රීඩා අමාත්‍යංශය කරුණු දක්වන්නට දක්වන පමාව සහ මැලිකම නිසාය.
භාවිතය සොඳුරු යුගයක් කරන්නට තිබුණ ඉඩ අඳුරු මතක පිරවූ යුගයක් කරමින් නාමල් රාජපක්ෂයන්ට ක්‍රීඩා අමාත්‍ය පුටුවෙන් බැස යන්නට වූයේ මැස්සෙක්ටවත් තමා අභිබවා පියාඹන්නට නොහැකි බවට පරවේනී ආඩම්බරයේ වෙළුණ බැවිනි.ඒ ආඩම්බරය ද්වේශමය විදිහට රගර් වෙත යොමු කරවන්නට ක්‍රීඩා සමජවල බලයෙන් රගර් පුටු දිනා ගත නොහැකි වූ කේවට්ටයන් සහ එහෙයියන්ද පරිපාලනමය වශයෙන් ද ක්‍රීඩාමය සහ විශේෂයෙන් රගර්වලට සම්බන්ධව නාමල්ට ප්‍රශස්ති ගැයූහ.


ඒ හරහා විවිධ බාධක පනවමින් අනුග්‍රහයේ දෑත සඟවා ගනිමින් වත්මන් පරිපාලනය දුර්මුඛ කරන්නට ගත් උත්සාහයට පිළිතුරු ලෙස සමාජමය විශ්වාසය සමඟ නැඟී සිටි රගර් පරිපාලනය ආදරණීය අනුග්‍රහයන් සොයා ගනිමින් අමාත්‍යංශයේ ප්‍රහාරයන් දරන්නට හැකි අන්දමේ ශක්තියක් සහිතව නැඟී සිටියේය.ඒ නැග්මේ ඉදිරියට යාම ක්‍රියාත්මක වන්න නියමිත පැහැදිළිම මොහොතේ දී ද අමාරු අවදියේ අතින් අල්ලා ගන්නට සිටි සකුරා දේශයේ වර්ණාධිපති නිපොන් රගර් වර්ණවත් කරන්නට සමීපව සිටින්නේය.එය අපූරුය.
ඒ අනුව 2022/2023 නිපොන් අභීයෝග කුසලානය ජයගන්නට ප්‍රධාන වශයෙන් ලීග් සටනට පිවිසෙන කණ්ඩායම් අට සමඟ සමාරම්භය ටාජ් සමුද්‍ර හී දී පැවත්විණි.වත්මන් සූරයන් වන මහනුවර කණ්ඩායමේ නායකයාගේ දෝතින් අලුත් වසරක අලුත් සූරයන්ට කුසලානය පිරිනැමීම සඳහා රගර් සභාපති රිස්ලි ඉල්ලියාස් අත කුසලානය පත්විය.අනුග්‍රහයේ බර දරාගෙන ඔහු සමඟ නිපොන් පේන්ට් සාමාන්‍යාධිකාරී නේමන්ත අබේසිංහ ද විය.
සියලුම් කණ්ඩායම් නායකයන්ගේ අදහස සහ අරමුණ කුසලානය තරගාවලිය අවසානයේ සිය දෝතෙහි තැන්පත් වනු දැකීමය.සෑම කණ්ඩායමක්ම ගෙවුණු කොවිඩ් වසංගත සමයේ සිය කණ්ඩායම්වලින් ජ්‍යෙෂඨයෝ අහිමි කර ගෙන ඇත.ඒ සමුගැනීමෙන් ජිවිතයට වෘත්තීය වටිනාකමක් එකතු කර ගන්නට ගත් තීරණ හේතුවෙන්ය.රගර් වෘත්තිය මට්ටමට ක්‍රීඩාවක් සේ නොපැමිණීමේන් ඇති වී තිබෙන ක්‍රීඩක ජීවිතවල අස්ථාවරත්වය එමඟින් පැහැදිළිය.


රගර් ලීග් සූරතාවලියේ ආරම්භය සටහන් වෙද්දී එය ද LNW අවධානයට ලක් විය.වෘත්තිය මට්ටමෙන් රගර් ඇති රටවලට එම තරගාවලි නියෝජනයට ඇති අවස්ථා ගැන කරන ලද විමසුමට තවත් රගර්වල පැවත්මට බලපාන සොඳුරු පිළිතුරක් ලැබිණ.ඒ වචන ක්‍රියාපද වනු ඇතැයි විශ්වාසයෙන් අද වන විට රටවල් සමඟ එම වෘත්තීය කණ්ඩායම්වලට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එකතු කරන්නට රගර් පරිපාලනය දරණ වෑයම සාර්ථක වේවා යන්න අපේ පැතුමය.
ජවය,ශක්තිය සමඟ පෙරට වැටෙන රගර් සිරියාව නුදුරේ ශ්‍රී ලාංකේය රගර් පිටි පුරා පැතිරෙන්නට සූදානම්ය.ඒවා ආලෝකවත කරන්න නිපොන් මුල් කර ගනිමින් සෙනෙහස පුදන සියලු අනුග්‍රාහකයන්ගේ ශක්තියද කැටුව තියුණුම තියුණු දියුණුම දියුණු රගර් තරගාවලියක ආස්වාදය ලාංකේය රගර් ලෝලීන්ට විඳ ගන්නට අවස්ථාව උදාවේවා යන්න LNW පැතුමය.
පහත ඇත්තේ සමාරම්භයේ සොඳුරු තැන් නිසල කල කාච සිත්තම් සහ පිරිමි මෙන්ම කාන්තා තරග පැවත්වෙන අන්දමේ කාල සටහන්ය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan