රුසියා-යුක්‍රේන ගැටුම මැද වෙනස් වන තෙල් මිල!

Date:

ජී 07 සමුළුවේ රටවල් සහ එහි මිත්‍ර රටවල් රුසියාවේ තෙල් මිල සීමා කිරීම සඳහා නිල වශයෙන් අනුමැතිය ලබාදී තිබේ.

ඒකාබද්ධ ප්‍රකාශනයක් නිකුත් කරමින් ජී 07 සමූහය ප්‍රකාශ කර ඇත්තේ ලබන 05 වැනිදා හෝ ඉන් පසු දිනක ඉතා කඩිනමින් මෙම තීරණය බලාත්මක කරන බවය.

රුසියානු බොරතෙල් බැරලයක මිල වෙළෙඳපොළේ මිලට වඩා 5%ක් අඩුවෙන් පවත්වාගෙන යා යුතු බවට එහිදී යෝජනා වී ඇත.

කෙසේවෙතත් තෙල් බැරලයකට ඩොලර් 60ට වඩා ගෙවීම් නතර කිරීමට යුරෝපා සංගමයට ද අවශ්‍යව පැවැති බව සඳහන් වේ.

ඊයේ (02) දිනයේ රුසියානු බොරතෙල් බැරලයක මිල ඩොලර් 64ක්ව තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

රුසියාව, යුක්‍රේන යුද්ධය හමුවේ ලාභ ලැබීම නැවැත්වීමේ අරමුණින් මෙම මිල සීමාව පැනවීමට කටයුතු කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා සුළි කුණාටු ව්‍යසනයෙන් ලංකාවට සිදුවූ හානිය ඩොලර් බිලියන 4 ඉක්මවයි ! – ලෝක බැංකු වාර්තාව කියයි

පසුගිය නොවැම්බර් මාසය අගභාගයේ දී ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා...

අද (22) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 22) දිනයේදී ඌව සහ...

ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජයිශංකර් දිවයිනට

සටහන - රුවන් නෙළුගොල්ල ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්....

මාලිමාව කොළඹ මහ නගරසභාවේ මංගල අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි වූ...