පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ බලමණ්ඩලයේ පැමිණිල්ලට සෞඛ්‍ය ලේකම්වරයා ප්‍රතිචාර දක්වයි

Date:

වෛද්‍ය සැපයුම් අංශයෙහි අධ්‍යක්ෂකවරයා කූඨ ඉමියුනෝග්ලොබියුලින් ගණුදෙණුවට අදාලව සැක පිට රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමත්, එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වලක්වන ලෙස අධිකරණයෙන් සිදුකරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව රෝහල් ගත වීමත් හේතුවෙන්, වෛද්‍ය සැපයුම් අංශය විසින් ඖෂධ ඇතුලු විශාල වෛද්‍ය සැපයුම් අයිතම ප්‍රමාණයක් බාර නොගනිමින් හරවා යැවීම නිසා ඉදිරියේ දී සෞඛ්‍ය සේවාව තුළ ඇතිවිය හැකි බරපතළ අර්බුධය වලක්වා ගැනීමට කටයුතු කරන ලෙස, පරිපූරක වෛද්‍ය වෘත්තිය වේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පසුගිය සතියේ දී සෞඛ්‍ය ලේකම් වෙත ලිඛිත පැමිණිල්ලක් සිදු කර තිබුණු අතර වෛද්‍ය සැපයුම් අංශය සඳහා වැඩබලන පදනම මත නව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් සහ නව අධ්‍යක්ෂක වරයෙක් පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා පියවර ගෙන තිබේ.

ඒ අනුව වෛද්‍ය සැපයුම් අංශයේ නව වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස සුදත් ධර්මරත්න මහතාත්, එහි වැඩ බලන අධ්‍යක්ෂකවරයා ලෙස, දේදුනු ඩයස් මහතාත් පත් කිරීමට සෞඛ්‍ය ලේකම්වරයා විසින් පියවර ගෙන තිබේ.

සුදත් ධර්මරත්න මහතා මේ වන විට රසායනාගාර නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජනරාල්වරයා ලෙස කටයුතු කරමින් සිටින අතර තීරණ ගැනීමේ කාර්යක්ෂතාවය සහ සාමූහිකව තිරණ නොගැනීම පිළිබඳව රසායනාගාර වෘත්තීයවේදීන්ගේ බරපතල විවේචනයට ලක් වූ අයෙකි.

ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරමින් සිටියදී, ඉන් ඉවත් කල විජිත් ගුණසේකර මහතාව, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක තනතුරට පත් කිරීම හේතුවෙන් තනතුර අහිමි වූ දේදුණු ඩයස් මහතා, ඖෂධ ආසාත්මිකතා පිළිබඳ සොයා බැලීමට පත් කල කමිටුවේ සභාපති වරයා ලෙස කටයුතු කල, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂකවරයාය.

කෙසේ නමුත් මේ වන විටත් බාර නොගනිමින් හරවා යැවූ ඖෂධ ඇතුළු සෞඛ්‍ය සැපයුම් 150කට අධික ප්‍රමාණයක් පවතින අතර, එම සැපයුම් කඩිනමින් ගබඩා කර ගැනීම සඳහා එම නිළධාරීන් කටයුතු නොකලහොත්, ඉදිරියේදී සෞඛ්‍ය සේවාව තුල බරපතල කඩා වැටීමක් සිදුවීම නොවැලැක්විය හැකිය. දෙසැම්බර් මුල් සතිය තුල වෛද්‍ය සැපයිම් අංශයේ සාමාන්‍ය තොග විගණනය සඳහා නව තොග බාර ගැනීම අත් හිටුවීමට පෙර අත්‍යවශ්‍ය අතිරික්ත තොග ගබඩාකර ගැනීමට කටයුතු කල යුතු බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...

නැවත ඉරානයට බෝම්බ හෙලීමට දෙවරක් නොසිතන බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයට යුරේනියම් සැලකිය...