ප්ලාස්ටික් භාවිතය ගැන පුදුම හිතෙන කතාවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පසුගියදා අනාවරණය වී ඇත්තේ, සාමාන්‍යයෙන් දිනකට ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 938ක් මෙරට ජනනය වුවත් ඉන් නැවත එක්රැස් වන්නේ සියයට 32ක් පමණක් බවත්, එලෙස එකතුවන ප්ලාස්ටික්වලින් යාන්ත්‍රික ප්‍රතිචක්‍රීකරණය කරන්නේ සියයට 4ක් පමණක් බවයි.

ඉතිරිය එක් රැස් කළද පරිසරයට අවිධිමත් ලෙස බැහැර කරන බව නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නපෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ බව අනාවරණය විය.

කිසිදු නියාමනයකින් තොරව සුන්බුන් ප්ලාස්ටික් ආනයනය කිරීමට කර්මාන්තකරුවන්ට අවසර දී ඇති බව ද මෙහිදී හෙළි විය. එබැවින් ඉදිරියේදී බලපත්‍ර නිකුත් කිරීමේදී කර්මාන්තයේ අවශ්‍යතා අනුව ඒවා නිකුත් කළ යුතු බවට ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් මධ්‍යම පරිසර අධිකාරියට මෙහිදී උපදෙස් ලබා දෙන ලදී.

ශ්‍රී ලංකාවට වාර්ෂිකව ප්ලාස්ටික් අමුද්‍රව්‍ය මෙට්‍රික් ටොන් ලක්ෂ 4ක් ආනයනය කරන අතර සුන්බුන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 20,000ක් ද ආනයනය කිරීමට අවසර දී ඇති බව මෙහිදී අනාවරණය විය.

පසුගිය වසරේ සුන්බුන් ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 20,000ක් ආනයනය කිරීමට අනුමැතිය ලබාදී තිබුණද මෙරට කර්මාන්ත සඳහා සුන්බුන් ප්ලාස්ටික් ආනයනය කර ඇත්තේ මෙට්‍රික් ටොන් 5,179ක් පමණක් බව නිලධාරීහු පෙන්වා දුන්හ. එබැවින් එවැනි අවසරයක් ලබා දීමේදී කර්මාන්තයේ අවශ්‍යතාවය සලකා බලා ඒ අනුව අවසර ලබා දෙන ලෙසත් එසේ ගෙන එන ප්ලාස්ටික් වසර 5ක් වැනි නිශ්චිත කාලයක් තුළ එකතු කිරීමේ ක්‍රමවේදයක් ඇති කළ යුතු බවටත් කාරක සභා සභාපතිවරයා විසින් බලධාරීන්ට උපදෙස් දුන්නේය.

අධික පිරිවැය හේතුවෙන් ප්‍රතිචක්‍රීකරණය සඳහා ප්ලාස්ටික් එකතු කිරීම සඳහා බොහෝ දෙනා උනන්දු නොවන බව නිලධාරීහු කාරක සභාව හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්හ. කෙසේ වෙතත් ප්ලාස්ටික් එකතු කිරීම සඳහා ලබාදෙන දිරි දීමනා ඉහළ දැමීමෙන් මෙම ප්‍රමාණය වැඩි කළ හැකි බව සභාපතිවරයා සඳහන් කළේය.

එපමණක් නොව ප්ලාස්ටික් එකතු කිරීම සඳහා දිවයිනේ සෑම ප්‍රදේශයකම විශේෂ මධ්‍යස්ථාන පිහිටුවීමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කළේය. ඒ සමගම යෝජිත පාරිසරික නීති කෙටුම්පත කඩිනමින් අවසන් කර එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Cadge Bird වෙනුවෙන් ලංකාවට ආ රුවැත්තී “Varalaxmi Sarath Kumar”

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : "Cadge Bird" නැමති...

විපක්ෂ නායක ඇතුළු සජබ මන්ත්‍රීවරුන්ගෙන් කතානායකගේ හැසිරීමට විරෝධයක්!

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : විපක්ෂ නායක සජිත්...

බිහිසුණු එයාර් ඉන්දියා ගුවන් අනතුරට හේතුව කෝ පයිලට් ඇද්ද වැරදි ලීවරය ද?

සටහන – පුලීජූනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා විශේෂඥයෙකු...