ඉන්දියාව හා බංග්ලාදේශය අතර නැවත වරක් ආතතීන් උත්සන්න වේ

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හින්දු සුළුතරයන්ට අයුතු ලෙස සැලකීම සම්බන්ධයෙන් ඉන්දියාව හා බංග්ලාදේශය අතර අතතින් උත්සන්නව ඇති බව වාර්තා වේ.

බංග්ලාදේශයේ මිලියන 170 ක ජනගහනයෙන් හින්දු භක්තිකයන් 10%ක් පමණ වන අතර ඔහුන් බහුතර මුස්ලිම් ප්‍රජාවගෙන් නිරන්තර හිරිහැරයට ලක්වෙන බව පැවසේ,

පසුගිය සතියේ බංග්ලාදේශයේදී හින්දු භික්ෂුවක් අත්අඩංගුවට ගැනීම හා ඉස්කෝන්හි හින්දු විහාරස්ථාන තුනක් විනාශ කිරීම හේතුවෙන් අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ (BJP) සාමාජිකයින් ඇතුළු හින්දු සංවිධානවල ක්‍රියාකාරීන් සහ දේශපාලනඥයින් විසින් ඉන්දියාවේ විරෝධතා ආරම්භ කළ අතර ඊට විරෝධය පළකරමින් විශාල පිරිසක් ඊසානදිග අගර්තාලා හි බංග්ලාදේශයේ කොන්සල් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු තිබේ.

රාජ්‍ය තාන්ත්‍රික සහ කොන්සියුලර් දේපල කිසිදු තත්වයක් යටතේ ඉලක්ක නොකළ යුතු බවට ඉන්දීය විදේශ අමාත්‍යංශය නිවේදනය කර තිබු නමුත් මිට විරෝධය පාමින් බංග්ලාදේශයේ ඩකා අගනුවර විශාල විරෝධතා ව්‍යාපාරයක්ද ක්‍රියාත්මක වී තිබිණ.

රජයට එරෙහිව ක්‍රියාත්මක වූ දැවැන්ත විරෝධතාවයකින් අනතුරුව හිටපු අගමැතිනි ෂීක් හසීනා ඉන්දියාවට පලා යාමත් ඉන්දීය රජයේ රැකවරණය ඇයට හිමිවීමත් සමඟ පසුගිය අගෝස්තු මාසයේ සිට දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පලුදු වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...

ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙකේදීම 8.1%ක ස්ථාවර මට්ටමක!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ජනලේඛන සහ සංඛ්‍යාලේඛන...

රාගම සුසාන භූමියෙන් මතු වූ ගිනි අවි සහ ජීව උණ්ඩ !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : රාගම, බටුවත්ත ප්‍රදේශයේ...