ජීවිත ආරක්ෂණය සඳහා ලබාදී ඇති ගිනිඅවි සම්බන්ධයෙන් අලුත්ම තීරණය!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ (LNW):

ගිනිඅවි සම්බන්ධයෙන් සිදු කෙරෙන සමීක්ෂණවලින් අනතුරුව, ජීවිත ආරක්ෂණය සඳහා ලබාදී ඇති ගිනිඅවි උපරිමය එකකට යටත්ව නිකුත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වේ.

ගිනිඅවි එකකට වඩා යම් අයෙකු ඉල්ලුම් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ආරක්ෂක විශ්ලේෂණයක් සිදුකරන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

එම විශ්ලේෂණ කටයුතු බුද්ධි අංශ මගින් සිදු කෙරෙන අතර, එහිදී අනාවරණය වන කරුණු මත තවදුරටත් ගිනිඅවි නිකුත් කරනවාද නැද්ද යන්න තීරණය කෙරෙන බව අමාත්‍යාංශය පැවසුවේ ය.

ගිනිඅවි හිමිකරුවන් සම්බන්ධයෙන් සිදු කරන ආරක්ෂණ විශ්ලේශණයේදී ජීවිත තර්ජනයක් නොමැති නම් ඔහු සතු ගිනිඅවි යළි පවරා ගැනීමට ද පියවර ගන්නා බව , ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙයි. සිවිල් පුද්ගලයින්ට නිකුත් කර ඇති ගිනිඅවි සම්බන්ධ සමීක්ෂණය මේ දිනවල ක්‍රියාත්මක වන්නේ ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී වන අතර, සිවිල් පුද්ගලයින් වෙනුවෙන් ගිනිඅවි 1550ක් නිකුත් කර තිබූ බව ද ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එජාප – සජබ හවුල ගැන විශේෂ තීන්දුවකට – එජාපයෙන් යෝජනා කිහිපයකුත් එළියට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉදිරියේදී සමගි ජන බලවේගය සමග එකමුතුව කටයුතු...

රනිල් හර්ෂට බෑ කියයි ?

පහුගිය කාලෙ සමගි ජන බලවේගය ඇතුළෙ එහෙන් මෙහෙන් සෑහෙන්න...

‘මහ ගෙදර’ වාසය

මහ ගෙදරකුඩාවට වසමි මමමට වඩා විසල්වඔබ ඒ අසල අරින විට...

පකිස්තානයෙන් හොඳ ආරම්භයක්

නිශ්මං රණසිංහ ජනවාරි 08, කොළඹ LNW: පකිස්තානයේ ආරම්භක පිතිකරුවන්ගේ ද,ආරම්භක...