නියත වශයෙන් පරාජයට පත්වන විශ්වාසභංගයක් දෙස ප්‍රංශයේ මයිකල් බාර්නියර්ගේ සුළුතර ආන්ඩුව නොදන්නා සේ බලා සිටී

Date:

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : යුරෝපා සංගමයේ ප්‍රධාන සාමාජික රටක් වන ප්‍රංශයේ අගමැති මයිකල් බාර්නියර්ගේ සුළුතර ආන්ඩුවව එරෙහිව අද(04) එරට බහුතර විපක්ෂයන් විසින් විශ්වාසභංගයන් ගෙන ඒමට සුදානම් බව ජාත්‍යන්තර මාධ්‍ය විස්තර කර තිබේ.

පාර්ලිමේන්තුව රැස්වීමෙන් දළ වශයෙන් පැය තුනකට පසුව ඡන්දයක් පැවැත්වීමට නියමිත වන අතර අන්ත වාමාංශික හා අන්ත දක්ෂිනාංශික විපක්ෂය විසින් වෙන වෙනම විශ්වාසභංග දෙකක් ඉදිරිපත් කර ඇති අතර, පළමුවැන්න සම්මත වනු ඇතැයි පුලුල් ලෙස පුරෝකථනය කර ඇත.

පසුගිය මාස තුන පුරා පැසුණු ප්‍රංශයේ දේශපාලන අර්බුදය පසුගියදා බාර්නියර් විසින් එළිදක්වන ලද 2025 අයවැයේ සමාජ ආරක්ෂණ සංරචකය ඡන්දයකින් තොරව සිය අගමැති ව්‍යවස්ථාවේ අංක 49.3යටතේ සිය බලය භාවිතා කරමින් අනුමත කරගැනීමට යාමත් සමඟ ආණ්ඩුව වෙනුවෙන් විපක්ෂයේ අප්‍රසාදය ඉහල ගිය අතර ප්‍රංශය මේ වන විට බරපතල මූල්‍යමය වශයෙන් දුෂ්කර සහ ආර්ථික හා සමාජීය වශයෙන් ඉතා දුෂ්කර තත්වයක සිටියි.

පසුගිය ජූනි මාසයේ හදිසි මැතිවරණයෙන් පසු ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් විසින් පැහැදිලි බහුතරයක් නොමැති මයිකල් බාර්නියර් අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් කරන ලදී.

අද ඉදිරිපත් කෙරෙන විශ්වාසභංගය සම්මත වුවහොත් එය 1958 පස්වන ජනරජයේ ආරම්භයේ සිට පැවති කෙටිම පාලන කාලය වනු ඇති අතර එවිට ජනාධිපතිවරයාට නව අගමැතිවරයෙකු නම් කිරීමට සිදුවනු ඇත. ප්‍රංශයේ ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුව වසරක් ඇතුළත දෙවරක් විසුරුවා හැරීමට ඉඩ නොදෙන බැවින් ජූලි මාසයට පෙර නව මැතිවරණයක් පැවැත්විය නොහැක.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව සිය හමුදා...

මහමොළකාරයා කවුද කියලා හැම ආණ්ඩුවකම අය දන්නවා. කාටවත් ඒක එළියේ කියන බැරිකම තමා තියෙන්නේ – මෛත්‍රී

සටහන - රුවන් නෙළුගොල්ල පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කවුද යන්න පිළිබඳව...

වැසි තත්වයේ වෙනසක් – අද (21) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, මධ්‍යම,...

රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයකට විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවේ සිවිල් සේවා විද්‍යාලයට (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයක්...