Kamal Adwan රෝහලට ඊශ්‍රායලයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ගාසා තීරයේ කමල් අද්වාන් රෝහලට ඊශ්‍රායලය යළිත් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි. ගෙවී ගිය සති කිහිපය ඇතුළත ඊශ්‍රායලය මෙම රෝහලට එල්ල කළ පස්වැනි ප්‍රහාරය ද මෙය වන බවද වාර්තා වේ.

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ, අල්-අහ්ලි රෝහල ඇතුළු රෝහල් මියගිය අයගේ සිරුරු හා තුවාල ලැබුවන්ට ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරන අතරතුරයි . ගතවූ පැය 24 තුළ ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 36 දෙනෙකු මිය ගොස් 100 කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙන බව වාර්තා වේ.

මේ අතර දකුණු ලෙබනනයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර වලින් ද පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.මෙම ප්‍රහාරයත් සමග ඊශ්‍රායලය හිස්බුල්ලා සටන්කාමීන් සමග පසුගිය සතියේ ඇති කරගත් සටන් විරාමය බිඳ දමා ඇති බවට ද චෝදනා එල්ල වේ.

පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා සිට ගැටුම් වලින් පලස්තීනුවන් 44,502ක් මිය ගොස් 105,454ක් තුවාල ලබා තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...