මෙන්ඩිස් සහ සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය හෙට (05) සිට අත්හිටුවීමට නියෝග!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ (LNW):

හෙට (05) සිට, ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර ඇත.

මෙම පියවර ගෙන ඇත්තේ, එම සමාගම විසින් සුරාබදු දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතුව තිබූ සුරා බද්ද හා ඊට අදාල 3%ක මාසිකව ගෙවිය යුතු අධිහාරය වන රුපියල් බිලියන 5.7ක මුදල ගෙවීම පැහැර හැරීම හේතුවෙන් බව සඳහන් වේ.

තවද, සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කොට තිබෙන්නේ, 2024.12.05 වැනිදා සිට මත්පැන් නිෂ්පාදන ක්‍රියාවලිය අත්හිටුවීමටත්, එකී හිඟ බදු මුදල් හා අධිහාරය තවදුරටත් ගෙවීම පැහැර හරින්නේ නම් එම සමාගමට නිකුත් කර ඇති සියලුම සුරාබදු මත්පැන් බලපත්‍ර දෙසැම්බර් (31) දිනෙන් ඔබ්බට දීර්ඝ නොකිරීමටයි.

නිවේදනයක් නිකුත් කරමින් සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ, සුරාබදු ආඥා පනතේ නෛතික විධි විධාන ප්‍රකාරව මෙම පියවර ගත් බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනිසියුලාවේ අගනුවර පිපිරීම් වලින් විනාශ වෙයි : එක්සත් ජනපදයටත් දොස්..

රෂිකා හෙන්නායක ජනවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාවේ අගනුවර පිපිරීම්...

රජය පොරොන්දු ඉටු නොකර ජනතාවගේ බලාපොරොත්තු සුන් කරලා – නාමල් රාජපක්ෂ

කොළඹ LNW:රජය නිතරම විපක්ෂයට දොස් පැවරීමට උත්සාහ කරන බව...

අපේක්ෂා කළ මට්ටමට වඩා ආර්ථික වර්ධනයක බලාපොරොත්තුවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවට ගොදුරු වූ රට යළි...

ආපදා සිසුන් හා සාපෙළ!

උපාලි කොළඹගේ කොළඹ LNW:අධ්‍යාපනය පිළිබඳව විවිධ මාතෘකා ඔස්සේ අදහස් දක්වන...