මෙන්ඩිස් සහ සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය හෙට (05) සිට අත්හිටුවීමට නියෝග!

0
1100

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ (LNW):

හෙට (05) සිට, ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර ඇත.

මෙම පියවර ගෙන ඇත්තේ, එම සමාගම විසින් සුරාබදු දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතුව තිබූ සුරා බද්ද හා ඊට අදාල 3%ක මාසිකව ගෙවිය යුතු අධිහාරය වන රුපියල් බිලියන 5.7ක මුදල ගෙවීම පැහැර හැරීම හේතුවෙන් බව සඳහන් වේ.

තවද, සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කොට තිබෙන්නේ, 2024.12.05 වැනිදා සිට මත්පැන් නිෂ්පාදන ක්‍රියාවලිය අත්හිටුවීමටත්, එකී හිඟ බදු මුදල් හා අධිහාරය තවදුරටත් ගෙවීම පැහැර හරින්නේ නම් එම සමාගමට නිකුත් කර ඇති සියලුම සුරාබදු මත්පැන් බලපත්‍ර දෙසැම්බර් (31) දිනෙන් ඔබ්බට දීර්ඝ නොකිරීමටයි.

නිවේදනයක් නිකුත් කරමින් සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ, සුරාබදු ආඥා පනතේ නෛතික විධි විධාන ප්‍රකාරව මෙම පියවර ගත් බවයි .