රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ (LNW):
අද (04) පාර්ලිමේන්තුවේදී ,ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත වී ඇත.
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ විවාදය ඊයේ (03) පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වාත් අද (04) පෙ.ව 9.30 සිට ප.ව 5.00 දක්වාත් දෙදින විවාදයක් ලෙසයි පැවැත්වුණි.
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය නොවැම්බර් 21 වනදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කර තිබුණි .