කොස්ගම පාසලක් අසල වෙඩිතැබීමක්. පුද්ගලයකු තුවාල ලබා රෝහලට !

සටහන – රුවන් නෙළුගොල්ල

කොස්ගම, බොරළුගොඩ කනිෂ්ඨ විද්‍යාලය අසලදී ඊයේ (03) සවස වෙඩිතැබීමක් සිදුව තිබේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයකු ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර ඇත.

වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

මෙසේ තුවාල ලබා ඇත්තේ හංවැල්ල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙකි.

වෙඩිතැබීමට හේතුව හෝ ඒ සඳහා යොදාගත් ගිනිඅවිය පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන්.

කොස්ගම පොලීසිය ඇතුළු පොලිස් කණ්ඩායම් 4ක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රධාන ජලාශ 14ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 11ක් වාන් දමයි!

කොළඹ LNW:පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් ප්‍රධාන ජලාශ...

ළමා හෘද රෝගීන් 13කට ‘Take Heart Mercy Mission’ විදෙස් වෛද්‍ය කණ්ඩායම වෙතින් හෘද සැත්කම්..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ගාල්ල කරාපිටිය ජාතික...

අද සිට විදුලි කප්පාදුවක් නොමැත..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පසුගිය දිනවල දිවයින...