ජනාධිපති පුටින් දිල්ලියේ සංචාරයක; නව ගිවිසුම් රැසක් අත්සන් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි

දෙසැම්බර් මස 05: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඉන්දියාවේ දෙදින සංචාරයක් ආරම්භ කිරීමට සුදානම් බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම සංචාරය තුලදී රුසියානු ජනාධිපතිවරයා අගමැති නරේන්ද්‍ර මෝදි හමුවී දෙරට විසින් පවත්වනු ලබන වාර්ෂික සමුළුවකට සහභාගී වනු ඇති අතර එහිදී  දිල්ලිය සහ මොස්කව් ගිවිසුම් ගණනාවක් අත්සන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

යුක්රේන යුද්ධය අවසන් කිරීමේ උත්සාහයක් ලෙස රුසියාවට මුදල් ගලා එම වැලැක්වීම වෙනුවෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් රුසියානු තෙල් මිලදී ගැනීම නැවැත්වීමට එක්සත් ජනපදය ඉන්දියාවට 25%ක නව තීරුබදු පැනවීමෙන් මාස කිහිපයකට පසුව ජනාධිපති පුටින්ගේ මෙම සංචාරය සිදු වේ.

ඉන්දියාව සහ රුසියාව දශක ගණනාවක් තිස්සේ සමීප සගයන් වී ඇති අතර පුටින් සහ මෝදි අතර දැඩි මිත්‍රත්වයක් පවතියි.

බිලියන 1.478ක ජනගහනයක් වෙසෙන ඉන්දියාව ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ප්‍රධාන ආර්ථිකයක් වන හෙයින් රුසියානු භාණ්ඩ හා සම්පත් සඳහා ඉතා ආකර්ශනීය වෙළඳපොළක් මෙන්ම ශ්‍රම හිඟයකින් පෙළෙන රුසියාව, ඉන්දියාව දක්ෂ සේවකයින්ගේ වටිනා ප්‍රභවයක් ලෙස දකියි. ඉන්දියාව ලෝකයේ තුන්වන විශාලතම බොරතෙල් පාරිභෝගිකයා වන අතර රුසියාවෙන් විශාල පරිමාවකින් මිලදී ගනියි.

මොස්කව් සඳහා, ඉන්දියාවට ආයුධ විකිණීම තවත් ප්‍රමුඛතාවයක් වන අතර එය සෝවියට් යුගයේ සිට පැවත එන්නකි. පුටින්ගේ සංචාරයට පෙර, ඉන්දියාව අති නවීන රුසියානු ප්‍රහාරක ජෙට් යානා සහ ගුවන් ආරක්ෂක පද්ධති මිලදී ගැනීමට මොස්කව් සැලසුම් කරන බවට ද වාර්තා පළ වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ෆයිසර් මුස්තාෆා කථානායක ධුරයට ??

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා...

ප්‍රේමලාල් ජයසේකරට වරෙන්තු

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු...

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...