ආර්ජෙන්ටිනාව ඕස්ට්‍රේලියාවටත් ගෝල් ගසා දී ජයග්‍රාහී ගමන අරඹයි

Date:

ලෝක පාපන්දු කුසලානයට සමීප වීමේ සුපිරි 16 වටයේ තරග අරඹමින් නෙදර්ලන්තය ඇමෙරිකා එක්සත් ජනපදය පරාජය කරමින්ද ,ආර්ජෙන්ටිනාව ඕස්ට්‍රේලියාව පරාජය කරමින් ද සුපිරි අට දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය.එහිදී ආර්ජෙන්ටිනා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර තරගයේදී ලකුණු තත්ත්වය 2 -1 ක් වූ අතර එහිදී ඕස්ට්‍රේලියාවට හිමි වූ ගෝලය ද ඔන් ගෝල් එකක් ලෙස ආර්ජෙන්ටිනා ක්‍රීඩක එන්ෂෝ ෆර්නැන්ඩස්ගේ පාදයෙන් වාර්තා වීම කැපී පෙණින.ආර්ජෙන්ටිනාව වෙනුවෙන් සුපිර6 වටයේ පළමු ගෝලය සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී ගේ පාදයෙන් වාර්තා වීම කැපී පෙණින.තරගයේ 37 වන විනාඩියේදී මෙසී එම ගෝලය වාර්තා කළ අතර ඔහු මේ තරගයේදී දැක් වූ දක්ෂතාවය නිසා තරගයේ වීරයා හැටියට ද නම් කළේය.
තරගයේ 57 වන විනාඩියේදී ජුලියන් අල්වාරේස් වාර්තා කළ ගෝලය ඔස්ට්‍රේලියානු නායක මැතිව් රයන් ගේ දැල්රැකීමේ වගකීමේ පළුද්දක් නිසා ආර්ජෙන්ටිනාවට ලැබුණු ගෝලයකි.දැල ආසන්නයේ දෑතින් පන්දුව ගැනීමට ඇති හැකියාව හෝ දුරට පහර එල්ල කිරීමට හැකි අවස්ථාව හෝ නොසළකා ප්‍රබල ආර්ජෙන්ටිනා පෙර පෙළ හමුවේ පන්දුව දෙපයින් පාලනය කිරීමට ගත් උත්සාහය අවසානයේ නතර වුණේ ඔස්ට්‍රේලියානු දැල ඇතුළේය.ඔස්ට්‍රේලියාව ද අවස්ථා කිහිපයකදී ම හොඳ උත්සාහයන් හී නිරත වූ අතර 77 වන විනාඩියේදී වාර්තා වූ එවන් උත්සාහයක් වැළක්වීමට එන්ෂෝ ෆර්නැන්ඩස් ගත් උත්සාහය නිමාවට පත් වූයේ පන්දුව ඔන් ගෝලයක් සේ ආර්ජෙන්ටිනා දැළ තුළට පැනීමෙන්ය.තරගය අවසාන වීමට ආසන්නයේ ඕස්ට්‍රේලියාවට තරගය සම කරන්නට ලැබුණු අවස්ථාවක් ඉතාමත් දක්ෂ අන්දමින් වළක්වා ගත් ආර්ජෙන්ටිනා දැළ රකින්නා වන ඩේමියන් මාර්ටිනස් තරගය අතිරේක කාලයකට හෝ නිදහස් පහර සඳහා නොයවමින් ආර්ජෙන්ටිනාවට ජය හිමි කර දෙමින් නිමා කරන්නට මුල් විය.
සුපිරි 16 වටයේ ආරම්භක ජය වාර්තා වූයේ නෙදර්ලන්තයෙන්ය.ඒ ඇමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව ගෝල 3 – 1 ක් ලෙස ය.තරගයේ පළමු අර්ධයේ 10 වන විනාඩියේදී සහ එම අර්ධය නිමා වන්නට අවසන් වන්නට ඔන්න මෙන්න කියා තිබියදී නෙදර්ලන්තය ගෝල දෙකක් වාර්තා කරන්නට සමත් විය.පිළිවෙලින් මෙම්පිස් ඩෙපේ සහ ඩැලේ බ්ලයින්ඩ් එම ගෝල දෙක වාර්තා කළ අතර නෙදර්ලන්තයේ තෙවන ගෝලය වාර්තා වූයේ තරගයේ 81 වන විනාඩියේදි ය.එය ඩෙන්සිල් ඩම්ෆ්‍රීස් විසින් ලබා දුන්නේය.ඇමෙරිකාව වෙනුවෙන් වාර්තා වූ ගෝලයේ හිමිකාරීත්වය හාජි රයිග්ට් ට හිමි විය.එම ගෝලය තරගයේ ප්‍රතිපලයට එකතු වුණේ 76 වන විනාඩියේදී ය.
ගෝලයක් ලබා ගැනීම මෙන්ම ලබා ගත් ගෝලවලට නිසි මාර්ගය සකසමින් ප්‍රශස්ත ක්‍රීඩා රටාවක් පෙන් වූ ඩෙන්සිල් ඩම්ෆ්‍රීස් නෙදර්ලන්ත ජයග්‍රහණයේ වීරයා සේ සම්මානනීය විය.මේ කණ්ඩායම් දෙක දෙසැම්බර් 10 වන දා අර්ධ අවසන් පූර්ව වටයෙන් අවසාන පූර්ව වටයට පිවිසෙන්නේ කුමන කණ්ඩායම ද යන්න තීරණය කිරීම සඳහා අල් – දායෙන් නගරයේ පිහිටි ලුසෙයිල් ක්‍රීඩාංගණයේ දී හමුවන්නට නියමිතය.
සුපිරි 16 වටයේ අද අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙන්නේ කුමන කණ්ඩායම ද යන්න තීරණය වන්නේ ප්‍රංශය සහ පෝලන්තය අතර තරගයෙන් සහ එංගලන්තය සහ සෙනෙගාල් අතර තරගයෙන්ය.



RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...