*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

පළමු දිනයේ වැඩි ගෞරව ධම්මිස්සරයට

සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවත්වෙන විසිවැනි ඩීඑස්අයි පාසල් වොලිබෝල් තරගාවලියේ පළමු දිනයේ වයස් කාණ්ඩ තුනක බාලක බාලිකා සූරතාවයන් සම්බන්ධයෙන් තීරණය විණි.එහිදී පැවති අවසන් තරග හයෙන් තුනකම ජය හිමි වූයේ ධම්මිස්සර විද්‍යාලයටය.
දිවයිනේ සුපතල වොලිබෝල් පාසලක් වන ධම්මිස්සර විද්‍යාලයට දිවයිනේ බොහෝ තැන් හී සිටින වොලිබෝල් දක්ෂයන් ඇදී එම සාමාන්‍ය කාරණයක්ය.ඒ වොලිබෝල්මය වූ පරිසරයක තිබෙන තරගකාරී සුවිශේෂීත්වයෙන් තමන්ගේ වොලිබෝල් ජීවිත අලුත් කර ගන්නටය.තවත් ආකාරයකින් දියුණු කර ගන්නටය.
නමුත් මෙවර තරගාවලියේ බොහෝ අවසන් තරගවල ධම්මිස්සර නම ගෑවි ඇතත් මේ වන විට ඔවුන් අත් කරගෙන සිටින සූරතා තුන වන්නේ අවුරුදු 11 න් පහළ බාලක බාලිකා සූරතා යුගල සහ අවුරුදු 13 න් පහළ බාලක සූරතාවය ය.එය ධම්මිස්සරයේ වොලිබෝල් හැකියාවේ සැබෑ අනන්‍යතාවය පිළිබිඹු කිරීමකි.සරු පොළවක වැඩෙන පැල ගැන නිහඬ ප්‍රකාශයක් වීම නිසා මේ ජයග්‍රහණ ධම්මිස්සරය කිනම් තැනක්දැයි කියන්නට සාක්ෂි ඉදිරිපත් කිරීමකි.එම සාක්ෂිවලට සූරතා ත්‍රිත්වයට අමතරව ඔවුන් අවුරුදු 13 න් පහළ බාලිකා අනු සූරතාවයද එක් කර ගැනීමට සමත් විය.
අවුරුදු 13 න් පහළ සූරතාවය බාලිකා හුංගම විජයබා විද්‍යාලීය ක්‍රීඩිකාවන්ට හිමි විය.15 න් පහළ බාලිකා සූරතාවය හිමි වූයේ උහන තිස්සපුර විද්‍යාලීය කණ්ඩායමටය.අවුරුදු 15 න් පහළ බාලක සූරතාවයද නාත්තණ්ඩියට රැගෙන ගියත් එහි ගෞරවය හිමි වූයේ ධම්මිස්සරයට නොවේය.නාත්තණ්ඩිය ජනාධිපති විද්‍යාලයටය.
තරගාවලියේ ප්‍රථම දෙවන සහ තෙවන ස්ථාන මෙන්ම දක්ෂතා අනුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබා ගත් සම්මාන ජයග්‍රහණ ගැන මෙන්ම එම ජයග්‍රාහී කණ්ඩායම් ද පහතින් දැක් වේ.



RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan