අභයාරාම විහාරස්ථානයෙත් විදුලිය කපලා??

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ, මෙරට බොහෝ නිවාස සඳහා මේ වනවිට විදුලිය විසන්ධි කිරීමේ රතු නිවේදන යවා ඇති බවයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා පැවසුවේ මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ අභයාරාම විහාරස්ථානයේ අනීතිකව විදුලිය විසන්ධි කිරීමට ඇවිත් ඇති බවය.

මේ දිනවල අධික වැසි සමඟ ජලාශ පිරී යාමත් සමඟ ජලවිදුලි උත්පාදනය ඉතා ඉහළ ගොස් ඇති බවත් විදුලිබල මණ්ඩලය කෝටි ප්‍රකෝටි ගණන් ලාභ ලබන බවත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

නමුත් තත්ත්වය එසේ තිබියදී, රටේ ලක්ෂ 50කට රතු බිල් යවා ඇති බවත් එය සාධාරණ දැයි විපක්ෂ නායකවරයා ප්‍රශ්නකළ අතර, ලක්ෂ 5ක පමණ ජනතාවගේ විදුලිය බලය විසන්ධි කර තිබෙන තිබෙන බවට තොරතුරු ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...