ගුරුවරු හෙට පාර්ලිමේන්තුව වැටලීමට සැරසෙයි!

Date:

කොළඹ LNW:කරුණු කිහිපයක් මුල්කරගනිමින් හෙට (05) දින ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය විසින් පාර්ලිමේන්තුව ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර තිබේ.

අධ්‍යාපනය සඳහා නිසිලෙස මෙවර අයවැයෙන් මුදල් වෙන් නොකිරීම,ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් නොකිරීම සහ අයවැයෙන් රජයේ සේවකයින්ට වැඩි කළ රු.10000ක වැටුප් වැඩිවීම ජනවාරි මාසයේ සිටම ලබා දීමට බලකිරීම යන කරුණු එම විරෝධතාවට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.

අද (04)කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පැවසුවේ හෙට පස්වරු 01.30ට එම විරෝධතාව සංවිධානය කර තිබෙන බවයි.

සිය ඉල්ලීම් ඉටුවන තෙක් අඛණ්ඩව විරෝධය ඉදිරියට ගන යන බවද ඔවුන් අවධාරණය කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනාමයේ චාමික ඩුබායි හී දී මහානාමයක් වෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: ඇගෙනිස්තානය සහ ශ්‍රී ලංකාව...

පාසල් සිසුන්ට දෙසැම්බර් මාසය පුරාවට ගමනාගමන මණ්ඩලයෙන් සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : අද (16) සිට...

හොංකොංහි ධනපතියකු වන ජිමී ලායිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි...