එක්සත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් සියලු බේද පසෙකලා අත්වැල් බැඳ ගනිමු – ජනපති රනිල්

Date:

සියලු පුරවැසියන් සහයෝගයෙන් ජීවත්වන එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට සියලුබේද පසෙකලා 75 වන නිදහස් සංවත්සරය සමග සියලුදෙනා අත්වැල් බැඳගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිතිවරවයා මේ බව සඳහන් කළේ පෙරේදා (03) පස්වරුවේ කොළඹ ෂැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රයේ දී නීති වෘත්තිකයින් විසින් සංවිධානය කර තිබූ උත්සවය අමතමිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වෘත්තීය නීතිඥ දිවියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් මෙම සැමරුම් උත්සවය සංවිධානය කර තිබිණි.

ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය පිළිගනු ලැබීය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඒකීය සහ එක්සත් භාවය බිඳ දමන ශ්‍රී ලංකාවේ ජනවාර්ගික හා ආගමික ගැටළුවලට එක්සත්ව විසඳුම් ලබාදීමේ නව වැඩපිළිවෙළක ඇරඹුම 75 වෙනි නිදහස් සැමරුමේදී සනිටුහන් කළ යුතු බවයි.

පාර්ලිමේන්තුවේ දී සාකච්ඡා කළ පරිදි සියලුදෙනාගේ සහාය ඊට හිමිවුවහොත් එය අසීරු කටයුත්තක් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දේශපාලඥයින්ට පමණක් එය තනිව ඉටුකළ නොහැකි බවත්, නීතිඥයින් ඇතුළු වෘත්තිකයින්ගේ සහාය ඊට හිමිවිය යුතු බවත් සඳහන් කළේය.

රට මුහුණ පා ඇති ආර්ථික අභියෝගයන්ට අමතරව, සමස්ත ක්‍රමවේදය පිළිබඳව ජනතාවගේ ප්‍රශ්න කිරීම විශාල අභියෝගයක් බව පැවසූ ජනාධිපතිවරයා ජනතාව භුක්ති විඳින නිදහස තහවුරු කරන ව්‍යවස්ථාවක් සකස් කිරීම මෙන්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාපිත පාලනයකට එම නව වැඩපිළිවෙළ මගින් ඉඩ සැළසෙනු ඇති බවට ද විශ්වාසය පළ කළේය. අතීතයේ සිදු වූ තුවාල ඔඩු දිවීමට ඉඩ නොතබා ඊට කඩිනම් විසඳුම් ලබාදීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කරනු ලැබීය.

ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා, ජනාධිපති නීතීඥ තිලක් මාරපන සහ ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාෆා යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ. ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා පිළිගැනීමේ කතාව සිදු කළ අතර නීතිඥ කුෂාන් ද අල්විස් මහතා ස්තුති කතාව කළේය.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා , විජයදාස රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්. සම්බන්ධන්, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, උදය ගම්මන්පිල, එම් ඒ සුමන්තිරන්, ලක්ෂ්මන් කිරිඇල්ල, එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන,ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ජනාධිපති උපදේශක අකිල විරාජ් කාරියවසම්, ජනාධිපති උපදේශක ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග, එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, එක්සත් ජාතික පක්ෂ හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායකයන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව කොවිඩ් ප්‍රභේදයේ පැතිරීම සහ දැනට වාර්තා වී ඇති මරණ ගැන දැනුම් දීමක්

සටහන - රුවන් නෙළුගොල්ල මේ වනවිට රට පුරා පැතිර යන...

ඌව පරණගම රහස් ඡන්දයක් පවත්වයි. බලය මාලිමාවට !

සටහන - රුවන් නෙළුගොල්ල ඌව පරණගම ප්‍රාදේශීය සභාවේ බලය ජාතික...

ආසියානු සටනට යන වෙරළ වොලිබෝල් යෞවනයන් තේරීම ජූනි 25 දා මීගමුවේදී

නිශ්මං රණසිංහ ජුනි 12, කොළඹ LNW: ඔක්තෝම්බර් 22 සිට 31...

W15 හෝටලයට වෙඩිතැබීම : ඇන්ස්ලම් ද සිල්වා නෙවිල් ද සිල්වාට එරෙහිව සාක්ෂි දෙයි !

වැලිගම W15 හෝටලයට වෙඩිතැබීමට නියෝග කළේ එවකට කොළඹ අපරාධ...