Sunday, February 5, 2023
spot_img

Latest Posts

ගෝල්ෆේස් අරගලය යනු නූතන ප්‍රංශ විප්ලවයක්ද …?

මනුෂ්‍යයාගේ මානසික ආතතිය යනු තනි තනි පුත්ගලයාට මෙන්ම පොදුවේ මහා සමාජයකට උවද වැළඳිය හැකි ව්‍යාධිමය තත්වයකි. ඇමරිකාව තුල පොලිස් බටයෙකු විසින් කළු ජාතිකයෙකුගේ ගෙල පාගා මරා දැමීමට එරෙහිව ලැව් ගින්නක්සේ එරට පුරා පැතිරගිය ප්‍රචන්ඩ විරෝධයද කොරෝනා වසංගතය නිසා දීර්ඝ කාලීන ලොක්ඩවුන් එකක සිරවූ සහ ආර්ථික ප්‍රශ්න උඝ්රවූ සමාජයක ආතතිය පුපුරාගිය එක් ආකාරයකි.

ඒ සිදුවීම අපට අර්තගන්වා ගත හැක්කේ සමාජ පීඩනය රංචු හැසිරීමක් ලෙස මුදාහැරුනු එක් අවස්තාවක් ලෙසය. විශේෂයෙන් එහිදී වැඩි නිදහසක් බුක්තිවිඳි ජනසමාජයකට කොරෝනා අගුළු ලෑම් සහ එහි ආර්ථික බලපෑම් මාරාන්තික පීඩනයක් ගෙන දුන්නේය. අනතුරුව එකී ප්‍රචන්ඩ ආතතිය අරගලයක් හරහා විමෝචනය වීමත් සමඟ කිසිදු සමාජ විපර්‍යාශයක් සිදු නොවී අරගලයේ රළපෙල ක්‍රමයෙන් බැස ගියේය.

මෙහිදී අප මතක විසින් තබාගත යුත්ත නම් ලොව සියළු අරගල සමාජය උඩයට පෙරලන ප්‍රංශ විප්ලවයන්ගෙන් කෙලවර නොවන බවය. ප්‍රංශ විප්ලවය යනු යුග ගනනාවක් තිස්සේ නිශ්පාදන බලවේගවල වර්ධනය විසින් නිර්මාණය කර දුන් මහා දේශපාලන පෙරලියකි. එසේම ප්‍රංශ විප්ලවය යනු ඉතිහාසයේ නැවත නැවතත් සිදුනොවන සහ මානව වර්ගයා එක් වතාවක් පමණක් මුහුණ දෙන සංසිද්දියකි.

ධනවාදයේ වර්ධනයේ හා නූතන ලෝක දේශපාලන පාරිභාෂිතයේ තිඹිරිගෙය ප්‍රන්ස විප්ලවයයි.
කොටින්ම නුතන ලෝකය යනු ප්‍රංශ විප්ලවය තුලින් එළියට පැමිණි ලෝකයයි.

මිනිසුන්ගේ පුත්ගලික ජීවිතය තුලද මානසික ආතතිය ඇතිවේ.ප්‍රචන්ඩ හැසිරීම් හා කෑකෝ ගසාගැනීම් හරහා සිදුවන්නේ මේ ආවේග විමෝචනය කිරීමේ ක්‍රියාවලියයි. දියුණු ධනවාදය පවතින රටවල්වල කම්කරු දිනය සැමරීම සඳහා රජය මැදිහත්ව සියළු පහසුකම් සපයාදෙයි. එහි අරමුණ වැඩකරන ජනතාවගේ ආවේගයන් සහ සියළු දුඛ්කදෝමනස්ස‍යන් කෑගසා සටන් පාඨ කියමින් පිටකර ගැනීමට අවස්තාව සලසාදීමය. මෙහිදී කිසිදු දේශපාලන විපර්‍යාසයක් සහ ගමනාන්තයක් නොමැතිව වාර්ශිකව මේ ක්‍රියාවලිය මෙසේ සිදුවේ..

ලංකාව තුල අප්‍රේල් මාසයේ ආරම්බවූ විවිධාකාර සමාජ පන්තීන්, විවිධ ජාතීන්, විවිධ ලිංගිකයන් සහබාගීවූ මෑස් ස්ට්‍රගල් එක ගත්කලද එයද කිසිදු පන්තිමය හෝ දෘෂඨිමය අනන්‍යතාවයක් සහිතව ඇතිවූවක්ද නොවේ. එසේම එයට කිසිම දිශානතියක් හෝ ගමනාන්තයක් පිළිඹදව හෝ අවබෝධයක් තිබුනේද නැත.

මේ අරගලයටද බොහෝවිට හේතුවූයේ වසර දෙකක් තිස්සේ පැවති කොරෝනා ආතතිය සහ රටේ ආර්ථිකය හිටි අඩියේ එකතැන නතරවීම නිසා ඇතිවූ සමාජ වික්ෂිප්ත බාවයයි.

මුලින්ම මේ අරගලය තුල කිසිදු දේශපාලන බලවේගයක් සිටියේ නැත. අරගලයේ ආරම්බක අවදිය තුල සියළු දේශපාලන දහරාවන් අරගලය විසින් සපුරා ප්‍රතික්ෂේප කර තිබින. ඇත්තෙන්ම පක්ෂ විසින් මෙහිදී කලේ මේ මෑස් ස්ට්‍රගල් එක තමතමන්ගේ පක්ෂ පොල්කටු වලින් වැසීමට යාමය.

ශිෂ්ඨාචාරයේ ඉතිහාසය තුල මහජන විඥ්ඥානය විසින් ඉටුකරනු ලැබූයේ ද්‍රව්‍යයෙන් පරාවර්තනය කෙරුනු කාර්‍ය්බාරයකි. විඥ්ඥානයේ කවර රූපාකාරයකට හෝ පදනම වන්නේ නිශ්පාදන බලවේගවල පදනමය.
එහිදී සාරාර්ත වශයෙන් පැවසිය හැක්කේ කවර ප්‍රගතිශිලී විපර්‍යාසයක් හෝ කල හැක්කේ වර්ධිත නිශ්පාදන බලවේගවලට මිස වියුක්ත රැඩිකල් අදහස් ගොන්නකට නොවන බවය.

ඒ අනුව පසුගිය සමයේ ගෝල්ෆේස් අරගලය කේන්ද්‍රකරගනිමින් මතුවූ මහජන අරගලය තත්කාලීන ලාංකීය ආර්ථික සන්තිතියට විෂය බද්දව ගත්කල එය සමාජය තවතවත් පසුපසට ඇදගෙන යන දූපතක කලබැගෑනියක් මිසක ප්‍රංශ විප්ලවයක් හෝ බ්‍රිතාන්‍ය විප්ලවයක් වන්නේ නැත. කොටින්ම එය නිශ්පාදන බලවේග පදාර්ථකරගත් යුගකාරක අරගලයක් නොවේ.

තවත් විදියකින් පවසතොත් අරගලයේ ප්‍රදාන පෙලඹුම් කාරකය අහඹු මෑස් ස්ට්‍රෙස් එකක් මිසක නව සියවසක වෛශයික ගැබ්බර වීමක් නොවීමයි.

විශේෂයෙන්ම හුදෙකලා දූපතක ඇතිවෙන එවන් ආනුබූතික අරගලයකට සමාජ ආතතිය පිටකෙරෙමින් කෙමෙන් කෙමෙන් තුනීවී යනු මිසෙක වෙන කල හැකි විපර්ශයක්ද නැත.

අරගලය රළපෙල නැංවූ මොහොතට වඩා මේ මොහොත වනවිට ආර්ථික අර්බූදය අතිශය උග්‍රය. නමුත් හැමදාම දඟලන පක්ෂ කීපය හැරුනවිට පොදු ජනතාව අතර කිසිදු හැල හොල්මනක් නැත. ආර්ථිකයේ පහලම තලයේ ජීවත්වන ජනයා පවා සාමාන්‍ය පරිදි ජීවිතය ඇදගෙන යයි.

එසේම මේ මෑස් ස්ට්‍රෙස් එක ඇතිවීමටද ඊට අදාල සමාජ පදනම සකස්වීමටද “ගෝඨාබය” යන චරිතයේ පුත්ගල ලක්ෂනද බලපෑවේය. පසුගිය ජනාධිපතිවරණයේදී මිලියන හතකට ආසන්න ජනතාවක් විසින් අපේක්ෂා කලේ හමුදා පාලනයක් වැනි තද හා කෙලින් තීරණ ගන්නා එඩිතර සිංහල බෞද්ධ නායකයෙකි.
එහිදී ගෝඨාබයගේ පැරණි හමුදා කර්නල් නිලයද, මහින්දගේ ආන්ඩුවෙ ආරක්ෂක ලේඛම්ව සිටීමද, රට බේරාගත්තා යැයි කියන මහින්දගේ සහෝදරයා වීමද ඔහුගේ නම “ගෝඨාබය” වීමද යන කාරනාවන් විසින් ඔහු ඉහත ඊනියා ජනතා අබිලාශ සඳහා මනාව ගැලපුනි.

නමුත් බලයට පත්වී නොබෝ දිනකට පසුව “මට මේවා එච්චර දේවල් නෙමේ” “මම තමා හොඳටම කරේ” වැනි කයිවාරු පොර ටෝක් නරිවාදන් තුලින් සැබෑවටම ඔහු කවුරුන්ද යන්න යමක් කමක් තේරෙන මිනිසුන් විසින් කලින්ම අවබෝධ කරගෙන සිටියේය. කෙසේ නමුත් ඔහුගේ අපරිනතකම නිසාම ක්‍රියාත්මක කල බදු ප්‍රතිපත්තිය, කාබනික පොහොර ප්‍රතිපත්තිය වැනි මරිමෝඩ තකතීරු දේශපාලන තීන්දුද, ඒ සඳහා විවිධ අරිට්ටකීවෙන්ඩුලාගේ උපදෙස් විස්වාස කිරීමද හරහා ඔහු තුල හිස් පඹයෙකුට වැඩි දෙයක් නැතිබව වසර දෙකක් ඉක්මයාමටත් පෙර බඩේ බත් ටිකසේ ඔප්පුවිය.

ඊළඟට අරගලය සම්බන්දව ඔහු මුල සිටම අනුගමනය කල නිවට නියාලු ප්‍රතිපත්තිය අරගලය රට ගිනිතියන ලුම්පිත ප්‍රචන්ඩත්වයක් කරා තල්ලුවීමටද හේතුවිය. ඇතැම් අවස්තාවල රට කිසිදු පාලනයක් නැති අරාජික තත්වයක් කරාම තල්ලුවිය. කෙසේ හෝ ගෝඨාබය යන සාධකය ඉවත්වීමත් සමඟ අරගලයේ රළපෙල ක්ෂනිකව බැස ගියේය.

ඇත්තෙන්ම අරගලයෙන් සිදුවූ එකම දෙය ගෝඨාබය ඉවත්කරගැනීම පමණි. එපමණකි …

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.