අතුරු සම්මත ගිණුම අද දෙවන දිනටත් විවාදයට!

Date:

කොළඹ LNW:ලබන වසරේ පළමු මාස හතර සඳහා ඊයේ (05) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු සම්මත ගිණුම පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (06) දෙවැනි දිනටත් පැවැත්වීමට නියමිතයි.

රජයේ අත්‍යවශ්‍ය වියදම් කළමනාකරණය සහ ණය සේවාකරණය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, එහි මුළු ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 2600කි.

2025 වසරේ මුල් මාස 04 සඳහා පුනරාවර්තන වියදම් ලෙස, රුපියල් බිලියන 1000 ක්ද, ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් බිලියන 425 ක්ද වෙන් කර ඇත.

එසේම ණය ප්‍රතිව්‍යුහගතකරණයට අමතරව අනෙකුත් ණය සේවාවන් සදහා රුපියල් බිලියන 1175 ක් ඇස්තමේන්තුගත කර තිබේ.

ආණ්ඩුවේ ආදායම ඇස්තමේන්තු කර ඇත්තේ රු. බිලියන 1600කටය.

ඒ අනුව අද පස්වරුවේ මෙය සම්මත කරගැනීමට නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප් යළි ඇවිලෙයි – ආනයනික තීරු බද්ද ගැන නැවතත් අවධානය!

කොළඹ LNW:ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් වරක ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු...

තවත් වෙඩි තැබීමක්: දෙදෙනෙකුට තුවාල!

අද (03) දින කඳාන පොදු වෙළඳ සංකීර්ණය අසල සිදුවූ...

තවත් ගුවන් අනතුරක් 99න් බේරෙයි:මගීන් 191 දෙනා දැඩි අපහසුතාවට!

රෂිකා හෙන්නායක ජූනි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ෂැන්හයි නුවර...

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...