විදුලි ගාස්තු සංශෝධනයට අදාළ නව යෝජනාව අද මහජන උපයෝගිතා කොමිසමට!

Date:

කොළඹ LNW:ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලි ගාස්තු සංශෝධනයට අදාළව සංශෝධනය කරන ලද නව යෝජනාව අද (06) මහජන උපයෝගීතා කොමිසමට භාරදීමට නියමිත බව වාර්තා වෙයි.

මෙම ගාස්තු අඩුකිරීම අදාළ වන්නේ ලබන වසරේ පළමු මාස 06ට අදාළවය.

ගාස්තු සංශෝධනයට අදාළව පසුගිය ඔක්තෝම්බර් මස 24 වැනි දින ඉදිරිපත් කළ යෝජනාව විදුලිබල ක්ෂේත්‍ර නියාමක විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා 2024 අවසන් කාර්තුවට නොව 2025 මුල් මාස 06 සලකා 2025.01.01 සිට බලපැවැත්වෙන පරිදි ගාස්තු සංශෝධනය සඳහා එම යෝජනාව යළි සකස් කර එවන ලෙස නියාමක විසින් ඉල්ලා තිබුණි.

ඒ අනුවයි අද එම නැවත සකස් කරන ලද වාර්තාව භාරදීමට නියමිතව ඇත්තේ.

වාර්ෂිකව අවස්ථා 04 කදී විදුලි ගාස්තු සංශෝධනය කළ යුතු බවට පසුගිය ආණ්ඩුව සමයේ යෝජනා වී තිබුන අතර මෙම වසරේදී දෙවරක් හා පසුගිය වසරේදී අවස්ථා 03 කදී විදුලි ගාස්තු සංශෝධනය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසීය වෙඩි!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW අද (3) දහවල්...