මැක්‍රොන් නව අගමැතිවරයෙකු පත් කිරීමට සුදානමින්

Date:

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 06; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ඉදිරි දින වලදී නව අගමැතිවරයෙකු පත් කිරීමට සුදානම් බව වාර්තා වේ.

පසුගිය බදාදා(04) විශ්වාසභංගක් සම්මත වීම හේතුවෙන් මාස තුනක් පමණ ධුරයේ කටයුතු කළ මයිකල් බාර්නියර් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබිණ.

ඊයේ(05)දිනයේදී ජාතිය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ, තමා ජනවරම අවසන් වන තුරු ධුරයේ රැඳී සිටීමට සුදානම් බවත් නැගී එන විපක්ෂයේ බලපෑම ප්‍රතික්ෂේප කරන බවත්ය.

මැක්‍රොන් නව දේශපාලන අර්බුධයක් නිර්මාණය කරමින් පසුගිය ජූලි මාසයේදී හදිසි මැතිවරණයක් කැඳවනු ලැබූ අතර මැතිවරණයෙන් බහුතර බලය ලබාගත් විපක්ෂයට අවස්ථාව නොදී හිටපු බ්‍රෙක්සිට් සාකච්ඡාකරු මිචෙල් බර්නියර් නව අගමැතිබවට පත් කරන ලදී.

බර්නියර් යටතේ ආණ්ඩුව සුළුතරයක් වූ අතර ඔහු 2025 වර්ෂය වෙනුවෙන් අයවැය යෝජනාව සම්මත කර ගැනීමට විවාදයක් නොපවත්වා සිය අගමැති බලය භාවිතා කළ අතර එය විරුද්ධ පක්ෂයේ විරෝධය ගොඩ නැගීමට හේතු විය. අවසානයේ ප්‍රබල විපක්ෂය විසින් ගෙන එන ලද විශ්වාසභංගය ප්‍රංශයේ ආසන 577කින් යුත් පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ මුළු ව්‍යවස්ථාදායකයන් 331කින් ජයග්‍රහණය කරනු ලැබිය.

කෙසේ නමුත්, මැක්‍රොන් අනුප්‍රාප්තිකයෙකු තෝරා ගන්නා අතර ඔහු භාරකාර අගමැති ලෙස රැඳී සිටීමට ඉඩ තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආහාර පාලන ගැසට්ටු ප්‍රමාදයෙන් මහජන සනීපාරක්ෂාව අනතුරේ – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

▪️රෝහල් ආපනශාලා බෝ නොවන රෝග බෝ කරන මධ්‍යස්ථාන වෙලා.. දිවයින...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අද...

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!

කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති...

බස් ගාස්තු අඩුවෙන්නේ මෙහෙමයි!

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : අද (04) දිනයේ සිට...