ශ්‍රි ලංකාවේ අලුත් ගමනට සියලු ශක්තීන් ලබාදීමට සූදානම් – චීන තානාපති චී ෂෙන්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ (LNW):

ශ්‍රි ලංකාවේ අලුත් ගමනට සියලු ශක්තීන් ලබාදීමට සූදානම් බව, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන්ග් මහතා පවසයි.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ශක්තිමත් නායකත්වය යටතේ ශ්‍රී ලංකාව අලුත් පරිච්ඡේදයක් ආරම්භ කර ඇති බවද ඒ මහතා කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා මේ බව සඳහන් කළේ , රුහුණ විශ්වවිද්‍යාලයේ පැවති උත්සවයක් අමතමිනි.

මෙහිදී, එම විශ්වවිද්‍යාලයේ දක්ෂතා සහිත අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ට ශිෂ්‍යත්ව ප්‍රදානයයි සිදු කෙරුණු බව පැවසේ.

චීන තානාපති කාර්යාලය මේ සඳහා වැය කළ මුදල රුපියල් තිස් හතර ලක්ෂයකි.

සිසුන් පනස් තුන් දෙනෙකුට මෙහිදී ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරුණු බව වාර්තා වේ.

“ශ්‍රී ලංකාව හා චීනය අතර පැවති මිතුදමට වසර 200ක පමණ ඉතිහාසයක් තිබෙනවා.ජාත්‍යන්තර තත්ත්වය කෙලෙස පැවතුනත් ඒවා දෙරටේ සබඳතාවයට කිසිදු බලපෑමක් එල්ල කළේ නෑ.චීනය ඕනෑම අවස්ථාවක ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා.චීනය  ශ්‍රී ලංකාවේ හොද මිතුරෙකු හා ශක්තිමත් පාර්ශ්වකරුවකු ලෙස කටයුතු කරනවා.නව ජනාධිපති අනුර කුමාර දිසානායක යටතේ ශ්‍රී ලංකාවට නව යුගයක් උදාවෙලා තියෙනවා.එය ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරයි.තාවකාලිකව මුහුණදුන් අර්බුදයට ශක්තිමත් ලෙස මුහුණ දෙන්න ශ්‍රී ලංකා රජයට ජනතාව හැකි වුණා.ඔවුන් මුහුණ දුන් අභියෝගයන්ගෙන් පසුව ක්‍රමිකව නැගී සිටිනවා.එමෙන්ම මේ වන විට ආර්ථිකය ශක්තමත් කරගන්න හා සමෘද්ධිය ළඟාකරගන්න හැකි වෙලා”

ලෙස ඒ මහතා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්‍රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...