රාජ්‍ය නිළධාරීන්ගේ වැටුප් රහිත නිවාඩු ගැන තීරණයක්!

Date:

රාජ්‍ය නිලධාරීන්ට දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු අනුමත කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත.

නොවැම්බර් මස 24 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයක් මත මෙම පියවර ගන්නා බව ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කරමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා ඒ බව දැනුම් දී තිබේ.

ඒ අනුව නව නිවාඩු අයදුම්පත්‍ර හෝ නිවාඩු දීර්ඝ කිරීමේ අයදුම්පත්‍ර භාරගැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කළ යුතු බවයි අමාත්‍යාංශ ලේකම්වරයා, සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත අදාළ චක්‍රලේඛය මගින් දැනුම් දී ඇත්තේ.

ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධාරීන්ට වසර 5ක උපරිමයකට යටත්ව දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට අවස්ථාව ලබා දෙමින් 2022 වසරේ ජුනි මස 22 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කර තිබුණි.

කෙසේ වෙතත් අමාත්‍ය මණ්ඩලයේ තීරණයකට අනුව එම චක්‍රලේඛයේ සඳහන් විධි විධාන යටතේ දේශීය හා විදේශීය නිවාඩු අනුමත කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට පියවර ගෙන ඇති අතර, දැනට දේශීය විදේශීය නිවාඩු ලබා සිටින නිලධාරීන් සඳහා අනුමත කර ඇති කාල සීමාවට අදාළව පමණක් එම නිවාඩුව ලබා ගැනීමේ හැකියාව පවතින බව සඳහන්.

මේ වන විට නිවාඩු සඳහා අනුමැතිය ලබා එම නිවාඩුව ගත කිරීමේ අපේක්ෂාවෙන් සිටින නිලධාරීන්ට අනුමත කර ඇති කාලසීමාවට අදාළ වන පරිදි නිවාඩුව ලබා ගැනීමේ හැකියාව පවතින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයේ දැක්වෙයි.

එමෙන්ම විදේශීය නිවාඩු ලබාගැනීම සඳහා දැනට ඉදිරිපත් කර ඇති, සියලු අවශ්‍යතා සැපිරූ නව නිවාඩු අයදුම්පත්‍ර හා නිවාඩු දීර්ඝ කිරීමේ අයදුම්පත්‍ර සඳහා නව චක්‍රලේඛයෙන් බලපෑමක් සිදු නොවන අතර අවශ්‍යතා සම්පූර්ණ කර නොමැති මෙන්ම ඉදිරිපත් කළ යුතු ලේඛනවල අඩු පාඩු සහිත නිවාඩු අයදුම්පත්‍ර නැවත සළකා බැලීමකින් තොරව ප්‍රතික්ෂේප කරන බව චක්‍රලේඛයේ සඳහන්.

කෙසේ වෙතත් දේශීය නිවාඩු සඳහා ඉදිරිපත් කර ඇති නිවාඩු අයදුම්පත්‍ර සඳහා අනුමැතිය ලබා දීමක් සිදු නොවන බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිකුත් කළ නව චක්‍රලේඛයේ දැක්වෙන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ප්‍රබල අකුණු පිළිබඳව...

ස්විට්සර්ලන්තයේ සිට ආ ආපදා ආධාර..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (6)...

මැලේසියාවේ දී හොඳම පිතිකරු සම්මානය ආනන්දයේ දිලේන්ට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 06, කොළඹ LNW: ජාතික කනිෂ්ඨ අංශයේ ගොල්ෆ්...

ශ්‍රී ලංකාව වෙනුවෙන් හදවත උණු වූ බ්‍රිතාන්‍ය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : සිදු වූ ආපදාවෙන්...