ඩයනාගේ පුරවැසිභාවය ගැන ආගමන විගමන පාලකගේ ලිපියක් පාර්ලිමේන්තුවේදී ඇදෙයි ! (VIDEO)

Date:

සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සම්බන්ධයෙන් මෙරට ආගමන විගමන පාලකවරයා 2021 වසරේදී රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යවන ලද ලිපියක් ඊයේ (05) සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විසින් සභාගත කළේය.

“ආගමන හා විගමන දෙපාර්තමේන්තුව 2021.12.15 ලිපියක් නිකුත් කරනවා රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්ට. ඒ ලිපියෙන් කියනවා පාර්ලිමේන්තු මහලේකම්තුමාගේ ලිපියේ අංකය දාලා 2021.09.21 දිනැති ලිපිය සමග බැඳේ. 2021.12.15 දින රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා සිය උප්පැන්න සහතිකය, ජාතික හැඳුනුම්පත සහ මින් පෙර ලබාගත් රාජකාරි ගමන් බලපත්‍රයක් සහිතව අයදුම්පතක් ඉදිරිපත් කර ඇත. නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් පැවැත්වූ අතර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පද්ධතිය අනුව අනාවරණය වූ පහත කරුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබාදෙන ලදී.

මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීතුමිය 2004 වර්ෂයේ සිට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබාගෙන අංක 521398876 දරණ බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රය භාවිතා කරන බව. ඒ අනුව එම කාලසීමාව තුළ ආගමන හා විගමන පනතේ ප්‍රතිපාදන අනුව මේ මන්ත්‍රීතුමියගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අහෝසි වී ඇත. නමුත් මන්ත්‍රීතුමිය විසින් තමන්ගේ විදේශීය පුරවැසිභාවය පිළිබඳ තොරතුරු හෙළි නොකොට 2014.01.24 දින නැවත ශ්‍රී ලාංකික ගුවන් ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති බව. ඉන් පසුව 2018.11.05 දින මුදල් අමාත්‍යාංශයේ නිර්දේශ මත නැවතත් විදේශීය පුරවැසිභාවය හෙළිනොකර රාජකාරි ගුවන් ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති බව.

ඊළඟට එතුමා කියනවා මන්ත්‍රීතුමිය විසින් නැවතත් ගුවන් ගමන් බලපත්‍රයක් අයදුම් කිරීමේදී තම විදේශීය පුරවැසිභාවය ඉවත් කරගත් බවට ලේඛනයක් ඉදිරිපත් කර නොමැත. ඒ අනුව මන්ත්‍රීතුමිය සඳහා ශ්‍රී ලාංකික ගුවන් ගමන් බලපත්‍රයක් ලබාදිය නොහැකි බව නිරීක්ෂණය කරමි. මන්ත්‍රීතුමිය විසින් බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් ලබාගෙන ඇති වීසා පිළිබඳ ලේඛන මෙම ගමන් බලපත්‍රය භාවිතා කර ඇති ආකාරය පිළිබඳ විස්තර සමග මම අමුණා එවමි.

ආගමන විගමන පාලකවරයා මේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්තුමාට එවලා තියෙනවාද, එහෙම එවලා තියෙනවා නම් ඒ ලිපිය එතුමා වසන් කරගෙන ඉන්නෙ ඇයි කියලා අපි අහන්න කැමතියි”

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...

එක්සත් ජනපද සහ රුසියානු ජනාධිපතිවරුන් එකඟතාවයකින් තොරව ඇලස්කාවෙන් පිටව යාමත් සමඟ සෙලෙන්ස්කි වොෂින්ටන් බලා පියාසර කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සමබන්ධයෙන්...