ලබන වසරේ අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට නම්…

Date:

ලබන වසරේ අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට විදුලි ඒකකයක් වෙනුවෙන් රු. 56.90ක් වැය වනු ඇති බවත් වර්තමානයේ විදුලි ඒකකයක නිෂ්පාදන වියදම රු. 29.14ක් වන බවත් විදුලිබල ඇමැති කංචන විජේසේකර මහතා පැවසීය.

එබැවින් වන පාඩුව දළ වශයෙන් රුපියල් බිලියන 423.5ක් බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පවසා සිටියේය.

මහජන උපයෝගිතා කොමිසම පැවසූ පරිදි විදුලිබිල සංශෝධනයක් හරහා විදුලිබල මණ්ඩලයේ අතීත ණය පියවා ගැනීමට ආණ්ඩුව යෝජනා කර නොමැති බවත් ජනතාවට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සහ වර්තමාන විදුලි පිරිවැය පියවා ගැනීම සඳහා ‘ස්වයංක්‍රීය අර්ධ වාර්ෂික පිරිවැය අය කර ගැනීම මත පදනම් වූ විදුලි ගාස්තු ගැලපුම් යන්ත්‍රණය හඳුන්වා දීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ බවත් අමාත්‍යවරයා සිය ට්විටර් පණිවුඩයෙන් පවසා සිටියේය.

රෂිකා හෙන්නායක
2022.12.06

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Shefali Jariwalaගේ හදිසි වියෝවට හේතුව හෙළිවෙයි !

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : පසුගිය සිකුරාදා (27)...

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව නඩු!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : රජයට අයවිය යුතු...

හිරුණිකා ඇතුළු 15කට එරෙහි නඩුව කැඳවීමට දින දෙයි!

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාර...