ලක්ෂ 50කට රතු බිල් එව්වද? ලංවිම ප්‍රතිචාරය මෙන්න!

Date:

කොළඹ LNW: ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50 කට රතුබිල් යවලා යන හිසින් යුතුව 2023 -12 – 03 දින පුවත්පතක පළවූ වාර්තාව සම්බන්ධයෙන් ලංවිම විසින් පැහැදිලි කිරීමක් මාධ්‍ය වෙත යොමුකර තිබේ.

විදුලිය පාරිභෝජනය කර මාසයක් ඉක්මගිය පසු විදුලි බිල ගෙවිය යුතු අතර බහුතර පාරිභෝගිකයන් සංඛ්‍යාවක් නියමිත වේලාවට විදුලි බිල්පත් ගෙවනු ලබන අතර සාමාන්‍යයෙන් රතු බිලක් ලබා දෙනුයේ මාසයක් ගතවු පසුව බවයි ලංවිම පවසන්නේ.

ඊට අමතරව රතු බිල්පත් නිකුත් කර තවත් දින 10 ක සහන කාලයක් ලබාදෙනු ලබන බවත් විදුලිය විසන්ධි කිරීම සිදුකරනු ලබන්නේ ඉන් පසුව බවත් ඔවුන් තවදුරටත් කියාසිටියි.

ඒ අනුව ලංවිම විසින් 2016 වසරේ සිට 2023 ඔක්තෝම්බර් මාසය දක්වා කාලය තුල සිදුකල විදුලිය විසන්ධිකිරීම් සහ නැවත සම්බන්ධ කිරීම්වල විස්තර ද මාධ්‍ය වෙත යොමුකර ඇත.

එම දත්ත වලට අනුව 2019 වසරේ 573,073 ක් විදුලිය විසන්ධිකර නැවත සම්බන්ධ කර තිබේ.

2020 සහ 2021 කොවිඩ් වසංගත තත්ත්වය නිසා එම අගය අඩුවී තිබෙන අතර 2022 විදුලි කප්පාදුව නිසා විසන්ධි කිරීම් සීමා කෙරුණු බවද ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

තවද සාමාන්‍යයෙන් වසරකට නව පාරිභෝගිකයින් 150,000 ක් පමණ අලුතින් විදුලි සම්බන්ධතා ගන්නා බවත් ඒ අනුව 2023 දී 544,488 ක් විදුලිය විසන්ධිකිරීම් සහ නැවත සම්බන්ධ කිරීම් සිදුකර තිබීම 2019 වසර හා සැසඳීමේ දී සාමාන්‍ය තත්ත්වයක් බවයි දැක්වෙන්නේ.

මේ අතර 2023 ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා පාරිභෝගිකයින් විසින් ගෙවිය යුතු හිඟ මුදල මාස වලින් පෙන්වා දී තිබේ. මෙහිදි හිඟ මුදල වැඩිවීමක් පෙන්නුම් නොකරන බව ලංවිම වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...