ගාසා තිරයේ නොනවතින ප්‍රහාර සමඟ දරුණුතම සටන්

Date:

ඊශ්‍රායල හමුදාව දකුණු සහ මධ්‍යම ගාසා තීරයේ සිය ප්‍රහාර පුලුල් කර ඇති අතර මේ වන විට යුද්ධයේ දරුණුතම සටන් ඇවිලෙමින් පවතින බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ,

හමාස් බලකොටුවක් ලෙස සලකන ඛාන් යුනිස් හි ඊශ්‍රායල හමුදාව දින කිහිපයක් දැඩි සටනක් සඳහා සූදානම් වෙමින් සිටින අතර මෙම මෙහෙයුම් හරහා ඊශ්‍රයල හමුදාව තවදුරටත් දකුණට ගමන් කරමින් සිටියි. ඒ අනුව, මෙම මෙහෙයුම ජනවාරි මද දක්වා දීර්ඝ කිරීමට අණ ලැබී ඇතිබව ඊශ්‍රායල් හමුදාව පවසා ඇති අතර ඉදිරි දින කිහිපය තුළ මාස දෙකක යුද්ධයේ දරුණුතම සටන් ඇතිවනු ඇති බවට සැලකේ.

ඊශ්‍රායලයේ මෙම මෙහෙයුම හේතුවෙන් පලස්තීනයේ මිලියන 1.5 කට වැඩි ජනතාවක් අවතැන්ව ඇති අතර ඊශ්‍රයල හමුදාවේ ගුවන් ප්‍රහාර හේතුවෙන් මේ වන විට දරුවන් 7112ක්, කාන්තාවන් 4,885ක් ඇතුළුව 16,248ක් මියගොස් 43,616ක් දළ වශයෙන් තුවාල ලබා තිබේ.

සරණාගත කඳවුරු වලට බෝම්බ හෙලීම් නිසාවෙන් පලස්තීනුවන්ට ආරක්ෂාව වෙනුවෙන් කිසිදු සරණක් නොමැති අතර නිරන්තර ප්‍රහාර හේතුවෙන් සහන කණ්ඩායම් වලට ප්‍රවේශවීම දුෂ්කර ඇති අතර අහාර හා ජලය හිග වීම බරපතල ගැටළුවක් බවට පත්ව ඇත.

සශිකලා මධුෂාණි – outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් 21 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ස්පාඤ්ඤයේ මලගා...

ආයෝජන කියන්නේ මොනවාද ?

රටක ආර්ථික වර්ධනය සඳහා ආයෝජන වල වැදගත්කම ගැන කතා...

විපක්ෂ නායක සජිත්ගෙන් කිතුල්ගල රෝහලට ලක්ෂ 33ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක්...

නන්දනගේ වටිනාකම බිංදුවයි – ඇමති ලාල්කාන්ත

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතාගේ වටිනාකම තමන්ට...