Home විදෙස් ගාසා තිරයේ නොනවතින ප්‍රහාර සමඟ දරුණුතම සටන්

ගාසා තිරයේ නොනවතින ප්‍රහාර සමඟ දරුණුතම සටන්

0
341
Israeli soldiers walk on grassy terrain near Israel's border with Gaza in southern Israel, October 12, 2023. REUTERS/Amir Cohen

ඊශ්‍රායල හමුදාව දකුණු සහ මධ්‍යම ගාසා තීරයේ සිය ප්‍රහාර පුලුල් කර ඇති අතර මේ වන විට යුද්ධයේ දරුණුතම සටන් ඇවිලෙමින් පවතින බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ,

හමාස් බලකොටුවක් ලෙස සලකන ඛාන් යුනිස් හි ඊශ්‍රායල හමුදාව දින කිහිපයක් දැඩි සටනක් සඳහා සූදානම් වෙමින් සිටින අතර මෙම මෙහෙයුම් හරහා ඊශ්‍රයල හමුදාව තවදුරටත් දකුණට ගමන් කරමින් සිටියි. ඒ අනුව, මෙම මෙහෙයුම ජනවාරි මද දක්වා දීර්ඝ කිරීමට අණ ලැබී ඇතිබව ඊශ්‍රායල් හමුදාව පවසා ඇති අතර ඉදිරි දින කිහිපය තුළ මාස දෙකක යුද්ධයේ දරුණුතම සටන් ඇතිවනු ඇති බවට සැලකේ.

ඊශ්‍රායලයේ මෙම මෙහෙයුම හේතුවෙන් පලස්තීනයේ මිලියන 1.5 කට වැඩි ජනතාවක් අවතැන්ව ඇති අතර ඊශ්‍රයල හමුදාවේ ගුවන් ප්‍රහාර හේතුවෙන් මේ වන විට දරුවන් 7112ක්, කාන්තාවන් 4,885ක් ඇතුළුව 16,248ක් මියගොස් 43,616ක් දළ වශයෙන් තුවාල ලබා තිබේ.

සරණාගත කඳවුරු වලට බෝම්බ හෙලීම් නිසාවෙන් පලස්තීනුවන්ට ආරක්ෂාව වෙනුවෙන් කිසිදු සරණක් නොමැති අතර නිරන්තර ප්‍රහාර හේතුවෙන් සහන කණ්ඩායම් වලට ප්‍රවේශවීම දුෂ්කර ඇති අතර අහාර හා ජලය හිග වීම බරපතල ගැටළුවක් බවට පත්ව ඇත.

සශිකලා මධුෂාණි – outboundtoday