*
Tuesday, October 22, 2024
spot_img

Latest Posts

දිගනෙන් එළවන තරුෂි පාසල් කෙළි උළෙලේ තරුවක්ව බැබලෙයි

දිගන ක්‍රීඩාංගණය මීට ටික කලකට පෙර වලල මලල ක්‍රීඩා තරුවලට එකතු කරේ ලොකු ආලෝකයකි.ඒ ජගත් කීර්ති එහි ප්‍රධානියා සේ වැඩ බලන අවදියේය.එහිදී සේවකයෝ ද රට දිනන මේ තරු වලට සෙවණ දුන්නේය.නමුත් කාලය විසින් වෙනත් පුද්ගලයෙක් ජගත්ට වඩා නිලයට සපුරා ඇති සුදුසුකම් මත ඒ පුටුවේ හිඳුවා තැබීමේදී සිඳු වී ඇත්තේ නායකයාගේ හැඩයට සැනින් හැඩ ගැහෙන සේවකයන්ගේ පටන්ම ක්‍රීඩකයන්ට රැවුම් ගෙරවුම් දමන්නට උත්සාහ කිරීමය.මේ රැවුම් ගෙරවුම් පාන පිරිස අතර මේ රටේ අනාගතය වෙනුවෙන් සුරක්ෂිතව රැක බලාගත යුතු තරුණ ක්‍රීඩිකාවන් අතර ඉදිරියෙන්ම සිටින තරුෂි කරුණාරත්න ද සිටින්නේ ක්‍රීඩාව කරන භූමියක ක්‍රීඩාව වෙනුවෙන් කැපවීමේ අරුත රාජකාරි පොත්වලින් වසාගෙන වැඩ කරන මිනිසුන් නිසාය.
නව අධ්‍යක්ෂවරයා පැමිණ පසු ජාතික සංචිතයේ නැතිනම් පැයකට රුපියල් 30 ක් ගෙවීමට අවශ්‍යය බව මේ ක්‍රීඩිකාවට ද දැණුම් දී ඇත.ඇය කණිෂ්ඨ සංචිතයේ සිටින කොළඹ සුගතදාසයේ ක්‍රීඩා කරත් අය නොකරන රටම මලල ක්‍රීඩාවේ අනාගතය සම්බන්ධයෙන් බලාපොරොත්තු තබා ඇති ක්‍රීඩිකාවක්ය.නමුත් ක්‍රීඩා අධ්‍යක්ෂ ධූරයට පත්වීමේදී ක්‍රීඩාව නොව රැකිය යුත්තේ පොත පතෙන් පවරා ඇති කරුණුය යන්න පමණක් දත් නිලධාරීන්ට තමන් රාජකාරිය කරන්නේ ක්‍රීඩාව නඟා සිටුවන්නට බව අමතක වන්නේය.
ඇය මෙන්ම ඇයගේ සහෝදරයා ද ලංකාවේ සිටන අනාගත මැදි දුර දිවීමේ බලාපොරොත්තුවක්ය.ඔහු දැනටමත් ක්‍රීඩාංගණයේ නිලධාරීන්ගේ සහ ආරක්ෂක අංශයේ සැළකිල්ල මත මලල ක්‍රීඩාවෙන් සමු ගැනීමට තීරණය කර ඇත.ආරක්ෂක අංශවලින් අයියා පැමිණ මුදල් දෙන තෙක් අතේ රුපියල් 30 ක් නැති නිසා ඇතුල්වන්නට ඉල්ලූ තරුෂිට දුන් වාචික සත්කාරය කඳුළුවලින් නොනැවතී අයියාගේ මඟම යන්නට ඇයගේ සිතට ද අදහස් එකතු කර ඇත.
“අන්තිම මීට් එක වෙන්න පුළුළුන් ඉතිං”
කඳුළු කැට සීරුවට සඟවාගෙන ඇය සිනහසෙමින් පැවසුවාය.නමුත් ඇය උපරිමය දිව්වාය.කාන්තා කිරුළ වලල රත්නායකයට රැක දෙන්නට ඇය සිය උපරිමය ඉටු කළාය.වාර්තා තුනක් ඇයගේ නම සඳහන් කර ගත්තාය.අවුරුදු 20 න් පහළ මීටර් 800,මිටර් 400 පමණක් නොව මීටර් 400 එම වයස් කාණ්ඩයේ සහය දිවීමේ තරගයෙන්ද තරුෂිගේ නම නව වාර්තා අතරට එක් වූවා ය.එසේම තත්පර 54..22 න් මීටර් 400 නිමා කළ තරුෂි ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩිකාව වුවා ය.සමහර විට ජගත් කීර්ති සිටිය සමයකනම් මේ අවස්ථාව වෙනුවෙන් තමන්ගේ පිට්ටනියෙන් දක්ෂතා මුවහත් කරගත් ක්‍රීඩිකාව පිළිගන්නට බැනර් එකක් වැටෙන්නට තොරණක් වැඳෙන්නට ඉඩ තිබුණත්,නැවත පුහුණුවට පිටියට ගියොත් තරුෂිට ලැබෙන්නේ ඒ පිළිගැනීම නොවේය.
“රුපියල් 30 ගාණෙ දෙන්න බැරිනම් යනවා එළියට.”
දිගන ගේට්ටුවේ රැකවලුන් ලංකාවේ දක්ෂතම කණිෂ්ට මලල ක්‍රීඩිකාව පිළිගන්නට බලා සිටින්නේ ඒ ආකාරයටය.”ස්ර් කියලනෙ තියෙන්නෙ සල්ලි නැත්නම් බැහැ.”
ඒ එන ඊළඟ පිළිතුරය.සමහර විට මීට වඩා රළු වුවහොත් මිස මුදු නොවන බවනම් සහතිකය.ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට මේ අධ්‍යක්ෂවරයා වලංගු නැත.ජාතික ආණ්ඩුවේ ඇමතිට පළාත් සභාවේ ඉඩක් නැති බව සිතනු ඇත.පළාත් ආණ්ඩුකාරයා හරහා කතා කළහොත් ක්‍රීඩා අමාත්‍යවරයාට ජාමේ බේරා ගන්නට හැකිය.සමහර විට සියලු පරිපාලන පොත්,ආයතනික නීති සහ රෙගුලාසිත් පසු කර දුවන්නට අධ්‍යක්ෂවරයා කැමති නොවන්නට ද හැකිය.ඇත්තටම දිගන දක්ෂයන්ට ඉඩ දෙනු වෙනුවට නීති රෙගුලාසි පොත් මැද හිඳුවා තනකොළ වවන්නට සුදුසු බිමක් බවට පත්වීම වළක්වන්නේ කෙසේ ද යන්න රටේ ක්‍රීඩා බලධාරීන් අවධානයට ගත යුතුය.
එසේ තණකොළ වැවුණොත් එය කපන්නට වැඩි මහන්සියක් අවශ්‍යය නොවනු ඇත.රටක් වටින ක්‍රීඩිකාවන්ට සළකන්නට දන්නේ නැති අය ඊට වගකීමට සුදුස්සෝය.
අවසානයට මතක් වන්නේම මේ සටහනට ගැලපෙන වලලටම අදාළ කතාවක්ය.එහි එක් අවස්ථාවක උථ්සවයකට සහභාගි වී කතාවක් කරන්නට මේ ලියුම්කරුට අවස්ථාවක් ලැබිණ.එහිදී පාසලේ අඩුපාඩු ගැන දැක් වූ අදහස්වලට පැමිණ සිටි ආරාධිතයෝ සංවේදී වූහ.ඒ ගැන වාර්තාවක් සකසා වහාම දෙන්නට කීව ද එවකට සිටි විදුහල්පතිවරයා එය දුන්නේ නැත.එසේම එම උත්සවය ගැන එවකට මේ ලියුම්කරු තැබූ සටහන දැක රන්ජන් පරණවිතාන හරහා මා සම්බන්ධ කරගෙන වලලට අනුග්‍රහය දෙන්නට මැදිහත් වුණේ කිෂූ ගෝමස් ය.නමුත් ඊට අවශ්‍යය ලියවිලි විදුහල්පතිවරයා සකස් කර දුන්නේ නැත.නමුත් ඔහු වැඩ කරන පොත පත ගැන ඉහළින්ම සුදුසුකම් සපුරා තිබුණ අයෙක් විය.ඒ සුදුසුකම් නිසා මාස ගණනක් පුරා පාසලට අවශ්‍යය අනුග්‍රහය වෙනුවෙන් ලිපිය සකස් නොකළ ඒ අගත් මහතා අධ්‍යාපන අමාත්‍යංශයේ රටේම සැළසුම් සම්බන්ධ අධ්‍යක්ෂවරයා කළේය.
මේ කාරණා හරහා පත්වන පුද්ගලයින්ගේ ප්‍රායෝගිකත්වය සළකා බලන කළ,ක්‍රීඩාව අධ්‍යාපනය ඇත්තටම මේ ආකාරයෙන් තිබීම වුව ඇති යැයි සිතෙන්නේ නැද්ද?

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan