බිලිඳුන් 27ක් අම්මලා එක්ක හිරේ – රැඳවියන් අතර උපාධිධාරීන්

Date:

බිලිඳුන් 27ක් අම්මලා එක්ක හිරේ – රැඳවියන් අතර උපාධිධාරීන් – ඩලස් මැතිසබයේදී කියයි

බන්ධනාගාරගතව සිටින මව්වරුන් සමග බිලිඳු දරුවන් විසිහත් දෙනකු සිටින බව මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ පිරිස අතර බිලිඳුන් දහතුන් දෙනකු ද, බිලිඳියන් දාහතරක් ද සිටින බව මන්ත්‍රීවරයා කීවේය. අයවැය විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා වැඩිදුරත් මෙසේද සඳහන් කළේය.

“බන්ධනාගාර රැඳවියන් අනූදහස් තුන්සිය හැට දෙදෙනකු අතර උපාධිධාරීන් එකසිය අසූ නවයක් ඉන්නවා. දෙදහස් දෙසිය අනූහතරක් පාසල් අධ්‍යාපනයක් ලබා නැහැ. පස්වැනි ශ්‍රේණිය දක්වා පාසල් ගොස් ඇති පිරිස දොළොස් දහස් අටසිය හැත්තෑ නවයක්. පස් වැනි ශ්‍රේණිය සමත් පිරිස දාහත් දහස් හැටදෙදෙනෙක්. මේ අතරින් අට සමත් සංඛ්‍යාව තිස්දහස් දෙසිය පනස් අටක්. සමස්ත පිරිසෙන් සියයට හැටහතක් විතර දැනට බන්ධනාගාරවල සිටින අය අතර උසස් පෙළ සමතුන් හයදහස් හයසිය හැත්තෑ දෙනෙක් ඉන්නවා.

මම මේ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළේ මේ වැරදිකරුවන් සහ අපේ අධ්‍යාපනයේ පවතින පෑහීම සහ දුරස්ථභාවය ගැන කියන්නයි. මේ තත්ත්වය සම්බන්ධයෙන් විද්‍යාත්මකව අවධානය යොමු කරයි කියා මා විශ්වාස කරනවා.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...

ගල් අඟුරු ටෙන්ඩරය ගැන කිසිදු චෝදනාවක් අපිට නෑ. නැව් 7යි ආවේ, ඩොලර් මිලියන 2ක් දඩ ගහලා තියෙනවා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක්...

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...