බිලිඳුන් 27ක් අම්මලා එක්ක හිරේ – රැඳවියන් අතර උපාධිධාරීන්

Date:

බිලිඳුන් 27ක් අම්මලා එක්ක හිරේ – රැඳවියන් අතර උපාධිධාරීන් – ඩලස් මැතිසබයේදී කියයි

බන්ධනාගාරගතව සිටින මව්වරුන් සමග බිලිඳු දරුවන් විසිහත් දෙනකු සිටින බව මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ පිරිස අතර බිලිඳුන් දහතුන් දෙනකු ද, බිලිඳියන් දාහතරක් ද සිටින බව මන්ත්‍රීවරයා කීවේය. අයවැය විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා වැඩිදුරත් මෙසේද සඳහන් කළේය.

“බන්ධනාගාර රැඳවියන් අනූදහස් තුන්සිය හැට දෙදෙනකු අතර උපාධිධාරීන් එකසිය අසූ නවයක් ඉන්නවා. දෙදහස් දෙසිය අනූහතරක් පාසල් අධ්‍යාපනයක් ලබා නැහැ. පස්වැනි ශ්‍රේණිය දක්වා පාසල් ගොස් ඇති පිරිස දොළොස් දහස් අටසිය හැත්තෑ නවයක්. පස් වැනි ශ්‍රේණිය සමත් පිරිස දාහත් දහස් හැටදෙදෙනෙක්. මේ අතරින් අට සමත් සංඛ්‍යාව තිස්දහස් දෙසිය පනස් අටක්. සමස්ත පිරිසෙන් සියයට හැටහතක් විතර දැනට බන්ධනාගාරවල සිටින අය අතර උසස් පෙළ සමතුන් හයදහස් හයසිය හැත්තෑ දෙනෙක් ඉන්නවා.

මම මේ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළේ මේ වැරදිකරුවන් සහ අපේ අධ්‍යාපනයේ පවතින පෑහීම සහ දුරස්ථභාවය ගැන කියන්නයි. මේ තත්ත්වය සම්බන්ධයෙන් විද්‍යාත්මකව අවධානය යොමු කරයි කියා මා විශ්වාස කරනවා.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...