IMF එකෙන් නුදුරේදීම සිදුවන දේ ගැන අනාවැකියක් – කබ්රාල්

Date:

IMF එකෙන් නුදුරේදීම සිදුවන දේ ගැන අනාවැකියක් – කබ්රාල්

? ඒ පිළිබඳ පැහැදිලි කළ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා

“වැඩි කලක් නොගොස් IMF එකෙන් කියනවා නැවත රුපියල පාකරන්න කියලා . නමුත් එය කරන්න වෙන්නෙ මේ මුදල් මණ්ඩලයට නෙවෙයි. ඒක කරන්නෙ වොෂින්ටන් වල ඉන්න කවුරු හරි කෙනෙක්. ජනතාව දන්නෙත් නෑ ඒ කවුද කියලා . අපි දන්නේ නැති අය තමයි මින් ඉදිරියට අපේ ආර්ථිකය ගැන තීරණ ගන්නෙ. ඒ පුද්ගලයා කීවොත් දැන් මේ ශ්‍රී ලංකාව එක්ක සෙල්ලම් කළා ඇති රුපියල පා කරන්න කියලා බොහොම ස්තූතියි සර් කියලා රුපියල පාකරන්න වෙන්නේ. එතකොට මම කලා වගේ 299 නවත්තන්නත් බෑ . ඒ නිසා මේවා තමයි ඉදිරියට වෙන්න තියෙන දේවල් වල තියෙන ප්‍රශ්න. මට අහන්න තියෙන්නෙ එකදෙයයි. ඇයි දැන් මේ රුපියල පාකිරීම සහ නියම කිරීම ගැන කතාවක් නැත්තෙ. පාවෙලා තියෙන රුපියලක් කියලද ජනතාව හිතාගෙන ඉන්නෙ. නෑ. ඒක නෙවෙයි ඇත්ත. මැයි මාසයේ ස්ථාවර කලාට පස්සෙ එය තාමත් එහෙමමයි. අද දෙසැම්බර් මාසෙත් වෙලා. තවමත් රුපියල ස්ථාවර වෙලා තියෙන්නේ. කවුරුහරි හිතාගෙන ඉන්නවනම් කබ්රාල් විතරයි රුපියල ස්ථාවර කලේ කියල ඒක ලොකු වැරදීමක්. එසේනම් අද අනුගමනය කරන්නෙත් කබ්රාල් සහ ලක්ෂ්මන්ගේ ප්‍රතිපත්තියයි. ජනතාවට නොතේරුණාට ඒක තමයි ඇත්ත.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ මහා ජන හඬ අවසන් – නොදුටු දසුන් මෙන්න! (PHOTOS)

කොළඹ LNW:විපක්ෂයේ පක්ෂ කිහිපයක එකතුවෙන් අද (21) නුගේගොඩදී ''මහා...

හිරගෙවල් දහයක දැම්මත් සටන අරඹනවා – නුගේගොඩදී හරීන් කියයි

කොළඹ LNW:හිරගෙවල් දහසක දැම්මද ආණ්ඩුව පෙරළා දැමීමේ සටන අදින්...

මාලිමාව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය...