*
Wednesday, October 23, 2024
spot_img

Latest Posts

මහ බැංකුවේ නිදහස ඇත්තටම අවශ්‍ය කාටද?

වර්තමානයේ රට මුහුණපාමින් සිටින ආර්ථික ව්‍යසනයට නොයෙක් අන්දමින් නොයෙක් පුද්ගලයන් ප්‍රධාන හේතුන් වන බව අප දන්නා කාරණාවකි. මෙහි ප්‍රතිඵලයක් ලෙස කාලීනව සියල්ලන්ගේ කතා බහට ලක් වූයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය යි.

ඒ අනුව මහ බැංකුවේ ස්වාධීනත්වයට බාධා නොකර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඩොලර් මිලියන 500 ක වාරිකය නිදහස් කිරීමෙහිලා මණ්ඩල අනුමැතිය ලබාගැනීම කඩිනම් කළ යුතුය යනුවෙන් යෝජනා ඉදිරිපත් වූවත්, නන්දලාල් වීරසිංහට හැර වෙනත් කිසිවකුට ශ්‍රී ලංකා මහ බැංකුවට මෙවැනි වැඩි නිදහසක් ලබා දීමේ අවශ්‍යතාවයක් නැත.

ජාත්‍යන්තර වෙළඳාම සහ අපනයනය ඇතුළුව එහි බලපෑම පිළිබඳව රාජ්‍ය නිලධාරීන්ගේ දැනුම පිළිබඳව සලකා බලන විට ඔවුන්ගේ නොහැකියාවේ තරම මැනවින් ප්‍රදර්ශනය වේ. නමුදු සියල්ලන්ගේම ඇගිලි දිගුවන්නේ දේශපාලනඥයන්ට පමණකි. ආචාර්ය හර්ෂ මහතා මෑතකදී පෙන්වා දුන් පරිදි මෙරට පවතින දත්ත කිසිදු අංශයක නිවැරදි නොවන අතර ඔවුන් කිසිසේත්ම දත්ත විශ්ලේෂණ සිදු කරන්නේ නැත. 

මහ බැංකු ප්‍රධානියා  පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව තම හිතුමතේට කටයුතු කර රට බංකොළොත්භාවයට පත් කිරීම එයට කදිම නිදසුනකි. එසේ තිබියදී ඔහුට කිසිදු ස්වාධීනත්වයක් නැතැයි රටටම හඬ ගසා කීම ඵලක් නැති ක්‍රියාවකි. ජනාධිපති පවා මෙම නිලධාරීන් හේතූ රහිතව වගකීම් විරහිතව තමාට අවශ්‍ය ඕනෑම දෙයක් කරන ආකාරය දෙස නිහඬව බලා සිටිමින් අසීමිත නිදහසක් මහ බැංකුවවට හිමිකර දී ඇත. එසේ තිබියදීත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් අවශ්‍ය ඔහුට තවත් අමතර ස්වාධීනත්වයක් ලබාදී රට ආගාධයට ඇද දැමීම ද යන්න ප්‍රශ්නයකි.

මහබැංකු ස්වාධීනත්වය

වර්තමානයේ අපට තිබෙන ගැටළුව ඉහළ යන උද්ධමනය නොවේ. පොළී අනුපාතයන්ගේ 100% ඉහළ යාම සහ එහි විපාක පෞද්ගලික අංශයේ පිටින් දමා එය විනාශයට පත් කිරීම අප අද වනවිට මුහුණපාන විශාලතම ව්‍යසනයයි.

තවද ඩොලර් හිඟය සහ ණය පැහැර හැරීම් අද වන විට රටට දරුණු ඵලවිපාක රැගෙන එමින් පවතී. මෙසේ වීමට ප්‍රධාන වශයෙන්ම හේතූවක් වනුයේ මෙසේ ණය පැහැර හැරීමෙන් තිබියදී පවා නැවත නැවතත් ණය දෙන්නන් පසුපස දුවන්නේ ලාංකිකයන් වන අප නිෂ්පාදකයින්ගේ ජාතියක් නොව පාරිභෝගික ජාතියක් වන නිසාවෙනි. මිලියන 22 ක ජනගහනයක් මෙම රටෙහි ජීවත් වන්නේ අනුන් නිෂ්පාදනය කරන දේ පාරිභෝජනය කිරීමටය.

උද්ධමනය යනු මෙයට හාත්පසින්ම වෙනස් සංකල්පයකි. උද්ධමනය මගින් මිනිසාගේ පැවැත්ම සඳහා ඵලදායී විය යුත්තේ කෙසේද යන්න වටහා ගැනිමට තල්ලුවක් ලබාදෙයි. ඒ අනුව උද්ධමනය විසඳිය යුත්තේ ඵලදායිතාවයෙන් මිස ප්‍රතිපත්ති අනුපාත ගැලපීමෙන් නොවේ. නමුත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පොලී අනුපාතයන්හී අඩු කිරීමක් සිදු නොකළහොත් ලාංකිකයන් ලෙස අප දැඩි අවපාතයකට සහ රුපියල පැහැර හැරීමකට ලක් වනු බව නොඅනුමානය.

මෙයින් මිදී අදවන තුරු අන් අයගේ සහනාධාර මත යැපුණු මෙම සමාජය නැවත නගාසිටුවීමට හෝ නඩත්තු කිරීමට නම් නැවතත් කිසිදු රටකින් හෝ ණයදෙන ආයතනයකින් මුදල් ණයට ලබාදීම සිදු නොකළ යුතුය. මක්නිසාද යත් ඔවුන් එසේ කළහොත් එම ණය දෙන්නන්ට ඔවුන්ගේ මුදල් ආපසු නොලැබෙන අතර තවත් වසර කිහිපයකින් රට නැවත බංකොලොත් වනු ඇත.

IMF ඇතුළු අනිකුත් ණය දෙන්නන් පොහොර සහ ඉන්ධන ඇතුළු කිසිදු ආනයනික භාණ්ඩයකට කිසිදා සහනාධාර නොදෙන ලෙස අවධාරණය  කළ යුතු අතර වෙනත් විවිධ සහනාධාර යෝජනා ක්‍රම මගින් මුදල් නාස්ති කිරීම නතර කළ යුතු බව ඔවුන් අවධාරණය කළ යුතුය. තවද සියලුම රජයේ සේවකයන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 නොව 60 විය යුතු බවත් පාඩු ලබන රජයේ ව්‍යාපාර වසා දමන ලෙස හෝ පෞද්ගලීකරණය කරන ලෙස ණය දෙන්නන් ඉල්ලා සිටිය යුතු බවත් අනාවරණය කළ යුතුය. නැතහොත් සිදුවනුයේ කිසිදා ගොඩගත නොහැකි අන්දමේ බංකොළොත්භාවයක් රටෙහි නිර්මාණය වීමයි.

රටෙහි විනාශයට අත හිත දුන් දේශපාලන කඳවුරේ ප්‍රධානීයන් කියාගන්නා වූ පිරිසත් ඔවුන්ගේ අතේ නැටවෙන රූකඩයන් වැනි අදක්ෂ නිලධාරීන් බලයෙන් පහ කිරීමට අප උත්සුක වනවා තරමටම සාමාන්‍ය ජනතාව ලෙස අපේ ආකල්ප වෙනස් කර ගනිමින් සමාජය වෙනස් කිරීම ද අප සතු වගකීමකි. විදුලි බිල 100% කින් වැඩි වීමත් සමඟ බදු දෙගුණ කිරීමත්, පොලී අනුපාත අඩු නොවීමත් මංමුලා සහගත බල ලෝභී විපක්ෂයකින් ඇවිළෙන බරපතළ විරුද්ධත්වය හමුවේ 2023 ශ්‍රී ලංකාවට නිසැකවම යහපත් නොවනු ඇත.

නමුත් අවසානයේ දී මහබැංකුවට තවදුරටත් අවශ්‍ය වනුයේ ස්වාධීනත්වයයි.

ඇඩොල්ෆ්

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan