ඉහළ ගිය මුදල් මුද්‍රණය නිසා ආර්ථික කඩාවැටීමක පෙරනිමිති!

Date:

මුදල් අමාත්‍යාංශය විසින් ගෙන ආ රජයේ ණය ගැනීමේ සීමාව ඉහළ දැමීමේ යෝජනාවේ ප්‍රතිඵලයක් ලෙස මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීම සහ මුදල් මුද්‍රණය සීමා කර තිබියදීත් සංචිත මුදල් පදනම දැනට පවතින රුපියල් ට්‍රිලියන 3.84 සිට ට්‍රිලියන 4.5 දක්වා ඉහළ දැමීමට මහබැංකුවට යෝජනා කර ඇති බවට අනාවරණය විය.

ඒ අනුව මුදල් මුද්‍රණය පසුගිය වසරට සාපේක්ෂව සියයට 7.8 කින් පහත වැටී ඇති බවත් අත්‍යවශ්‍ය පුනරාවර්තන වියදම් පියවා ගැනීමට බිල්පත් මුද්‍රණය කළ බවත් පවසමින් රුපියල් බිලියන 663 කින් ණය සීමාව රුපියල් ට්‍රිලියන 4.51 දක්වා ඉහළ නැංවීමේ යෝජනාව රාජ්‍ය මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් ඉදිරිපත් කර තිබේ.

මීට අමතරව එම යෝජනාවේම ප්‍රතිඵලයක් ලෙස භාණ්ඩාගාර බිල්පත් සීමාව රු. ට්‍රිලියන 4 සිට රුපියල් ට්‍රිලියන 5 දක්වා ඉහළ නැංවීමට අදහස් ඉදිරිපත් කර ඇත.

එසේ දැනට පවතින රුපියල් ට්‍රිලියන 1.4 මට්ටමේ සංචිත මුදල් රුපියල් ට්‍රිලියන 2.4 දක්වා ඉහළ නැංවීම හැර වෙනත් විකල්පයක් මහ බැංකුව සතුව නොමැති බව භාණ්ඩාගාරයේ නිලධාරීයෙක් ප්‍රකාශ කළේය.

ඒ අනුව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමෙන් ආදායම් ඉහළ නැංවීමට සහ විදේශ සංචිත ඉහළ නැංවීමට නිවැරදි ක්‍රියාමාර්ග නොගතහොත් වසර 2 – 3 ක් ගතවන විට දැවැන්ත මූල්‍ය ප්‍රසාරණයකට තුඩු දෙනු ඇතැයි ඔහු තවදුරටත් අනතුරු ඇඟවීය.

එමෙන්ම භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර මිල දී ගෙන රජයට තාවකාලික අත්තිකාරම් ලබා දීමෙන් රාජ්‍ය මූල්‍ය හිඟය පියවා ගැනීමට මහ බැංකුවට සිදුවන බව අවධාරණය කරන අතරතුරම මුදල් කටයුතු පිළිබඳ දැනුවත් කීර්තිමත් ආර්ථික විද්‍යාඥයකු විසින් තහවුරු ඉහත දැක්වූ අදහස තහවුරු කරන ලදී.

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාට අනුව පසුගිය වසරෙදී රුපියල්  මුද්‍රණය කළ මුදල බිලියන 341 ක් වූ අතර එය මේ වසරේ ජනවාරි සිට ඔක්තෝබර් මාසයන්හී බිලියන 47 දක්වා පහත වැටී ඇත.

තවද මෙම වසරේ රජයේ දෛනික ආදායම රුපියල් බිලියන 6.53 සිට රුපියල් බිලියන 9.5 දක්වා ඉහළ යාමට නියමිත අතර ඒ අනුව මේ වසරේ රුපියල් බිලියන 17.05 සිට වියදම රුපියල් බිලියන 21.60 දක්වා ලබන වසරේදී  ඉහළ යනු ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ඇස්තමේන්තු පෙන්වා දෙයි.

2023 අයවැය ආදායම් සහ වියදම් ඇස්තමේන්තු වෙළුම 01ට අනුව රජයේ වියදම රුපියල් ට්‍රිලියන 5.82ක් ලෙස ඇස්තමේන්තු කර ඇති නමුත් ලබන වසරේ ආපසු ගෙවිය යුතු රුපියල් ට්‍රිලියන 3.80ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වැය ශීර්ෂයට ඇතුළත් කර නොමැත. එබැවින් සත්‍ය වියදම රුපියල් ට්‍රිලියන 9.62 ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ලබන වසරේ රටේ ණය ව්‍යුහය පිළිබඳව සලකා බලන විට මෙම භාණ්ඩාගාර බිල්පත් මුදල සම්බන්ධයෙන් නිසැක වශයෙන්ම සලකා බලනු ඇත.

ආදායම් බදු වලින් රුපියල් බිලියන 915ක් ද ඉතිරි රුපියල් ට්‍රිලියන 2.50 වෙනත් බදුවලින්ද අයකර ගනිමින් රුපියල් ට්‍රිලියන 3.42ක් අයකර ගැනීමට රජය බලාපොරොත්තු වන නමුත් වත්මන් ආර්ථික අර්බුදය හමුවේ මෙතරම් විශාල මුදලක් බදු වලින් ලබා ගැනීම යථාර්ථවාදී නොවන බව ආර්ථික විශේෂඥයහු සහ බදු උපදේශකයහු කිහිප දෙනෙකු තවදුරටත් කියාසිටියහ.

ඕවින්දි විෂ්මිකා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...