*
Wednesday, October 23, 2024
spot_img

Latest Posts

ලංකාවේ ණය බර ලිහිල් කිරීමට විදේශීය පරිත්‍යාගශීලීන්ගේ සහාය පතා චීනයෙන් ඉල්ලීමක්!

වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණපාමින් සිටින දේශපාලන සහ ආර්ථික දුෂ්කරතා මඟහරවා ගනිමින් නැවත කඩා වැටුණු ආර්ථිකය නගාසිටුවීමට ඵලදායී කාර්යභාරයක් ඉටු කිරීමට අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන චීනය සමඟ කටයුතු කරනු ඇතැයි චීනය අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් සඳහා ණය ලබාදීමේ වේගවත් ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කණ්ඩායමක් මේ සතියේ චීනයට ගොඩ බසින බවට පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අදහස් විමසූ අවස්ථාවේදී චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක මාඕ නින්ග් මේ බව ප්‍රකාශ කළාය.

චීනය යනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් ජාත්‍යන්තර ආර්ථික හා මූල්‍ය ආයතන සමඟ දිගුකාලීන සහ ධනාත්මක සහයෝගීතාවයක් ඇති රටක් බව මාඕ තවදුරටත් පැවසුවාය.

ඒ අනුව, ලංකාව අද වන විට මුහුණ දෙන අධික ණය ගැටළුව සම්බන්ධයෙන් මාඕ පැවසුවේ චීනය විසින් ලංකාවේ ජනතාව අත් විදින දුෂ්කරතා සහ අභියෝගවලට
නිසියාකාරව මුහුණ දීම තුළින් ණය බර ලිහිල් කිරීමටත්, තිරසාර සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීමටත්  අදාළ ආයතන සමඟ එක්ව අඛණ්ඩව සාධනීය කාර්යභාරයක් ඉටු කරන බවයි.

විශේෂයෙන්ම ආර්ථික විශ්ලේෂකයින්ට අනුව රට සිටින්නේ ආර්ථික කඩාවැටීමේ අද්දර නිසා චීනයේ සහය නොමැතිව ශ්‍රී ලංකාවට සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගැටළු විසඳීමට නොහැකි වනු ඇත.

පෙර නොවූ විරූ මෙවැනි ආර්ථික අර්බුදයක් සමනය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාව සඳහා ණය ලබා දීමේ කාලය තීරණය කිරීමේ ප්‍රධාන සාධකය චීනය බවට පත්විය හැකි බව දේශීය හා ජාත්‍යන්තර විශ්ලේෂකයෝ කියා සිටිති.

ආර්ථික අර්බුදයට මුහුණ දීමේදී ශ්‍රී ලංකාවට උපකාර කිරීමට චීනය එකඟ වී ඇති නමුත් මෙතෙක් කිසිදු ණය ප්‍රතිව්‍යුහගත සැලැස්මක් සඳහා කැපවී නොමැති බව ණය ව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීහු අවධාරණය කළහ.

නිදහසින් පසු මුළු ජාතියම දරුණුතම මූල්‍ය අර්බුදයට ඇද දමමින් ශ්‍රී ලංකාව සිය ණය ගෙවීම පැහැර හැර ඇත. ඉන්ධන හිඟයට අමතරව ආහාර සහ ඖෂධ හිඟවීමේ අර්බුදයකට ද රට මුහුණ දෙමින් සිටින බව අරුමයක් නොවේ.

දවසින් දවස වර්ධනය වන ආර්ථික අර්බුදය කෙරෙහි ඇති ජනතා අප්‍රසාදය ඉකුත් වසරවලදී විරෝධතා නිර්මාණය වීමට තරම් බලවත් විය.

එම නිසා ශ්‍රී ලංකාවට සැලකිය යුතු මට්ටමකට ණය සහන ලබාදීමට චීනය කැමැත්ත පළ කිරීම ණය ප්‍රතිව්‍යුහගත කිරීම වේගවත් කිරීමට සහ රට පවතින තත්ත්වයෙන් ගොඩ ගැනීමට අත්‍යවශ්‍ය සහයක් වනු ඇතැයි ආර්ථික විශේෂඥයෙක් පැවසීය.

ඕවින්දි විෂ්මිකා

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan