ඔක්තෝම්බරයේදී අපනයන ආදායම පහත වැටිලා.වසරේ ඉලක්කයට යන්න දැන් අපහසුයි – අපනයන සංවර්ධන මණ්ඩලය

Date:

කොළඹ LNW: මෙම වසරේ ඔක්තෝබර් මාසයේ අපනයන ආදායම පසුගිය වසරේ ඔක්තෝබරය හා සසදා බැලීමේ දී 18% කින් පහත වැටී තිබෙන බව අපනයන සංවර්ධන මණ්ඩලය විසින් නිකුත් කර තිබෙන නවතම වාර්තාවේ දැක්වෙයි.

මේ වසරේ ඔක්තෝබරයේ වෙළද භාණ්ඩ අපනයනයෙන් උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 899.91 ක් වන අතර මීට පෙර අඩුම අපනයන ආදායමක් උපයා තිබුණේ අප්‍රේල් මාසයේ දී වන බවත් එය ඇමරිකානු ඩොලර් මිලියන 814.13 ක් බවත් දැක්වෙයි.

මේ වසරේ වැඩිම අපනයන ආදායමක් උපයා තිබුණේ අගෝස්තු මාසයේදීය.

ඒ අනුව අගෝස්තු මාසයේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 1.09 කි. කෙසේවෙතත් එයද පසුගිය වසරේ අගෝස්තුව හා සසදා බැලීමේ දී 13% ක පහත වැටීමක් බවයි අපනයන සංවර්ධන මණ්ඩලය පවසන්නේ.

මේ වසරේ ජනවාරි සිට ඔක්තෝබරය දක්වා කාලය තුළ සේවා අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.6 ක් උපයා තිබේ. එය පසුගිය වසරේ අදාළ කාල පරිච්ඡේදය හා සසදා බැලීමේ දී 67.2% ක වැඩි වීමක් ලෙස සඳහන්.

වෙළද භාණ්ඩ අපනයනයෙන් 2023 වසරේ දී ඇමරිකානු ඩොලර් බිලියන 15.93 ක් සහ සේවා අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.58 ක් උපයා ඇති අතර මෙම වසරේ දී ශ්‍රී ලංකාව භාණ්ඩ හා සේවා අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 18.51 ක් උපයා ගනු ඇතියි අපනයන සංවර්ධන මණ්ඩලය පුරෝකථනය කර ඇත.

එහෙත් එම ඉලක්ක හඹා යාමට නොහැකි වනු ඇති බවද අපනයන සංවර්ධන මණ්ඩලය පවසා තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Fun Friday: ජේම්ස් බොන්ඩ් කතා මාලාවේ ඊළඟ පරිච්ඡේදය ගැන ඉඟියක්!

සෑම සිකුරාදා දිනකම “Fun Friday” තුළින් ඔබට Entertainment සතියක...

මහින්දට ගහන්න ගහන්න වෙන්නේ ආණ්ඩුව පචවෙන එක විතරයි – නීතිඥ මනෝජ් ගමගේ

කොළඹ LNW: මහින්ද රාජපක්ෂට ගහන්න ගහන්න සිද්ධ වෙන්නේ ආණ්ඩුව...

බෝගොල්ලාගමට එරෙහි නඩුවක් ඔහු නොමැතිව විභාගයට ගැනීම සඳහා දින නියම වෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ LNW: අල්ලස් කොමිසම විසින් හිටපු...

බැඩ්මින්ටන් වලට උර දෙන මැක්ලරන්ස් ආයෙත් ජාත්‍යන්තර තරගාවලියක බරට උර දෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 01, කොළඹ LNW: වසර කිහිපයක සිට ශ්‍රී ලංකා...